උණුසුම් පුවත්කාලීනක්‍රීඩාසංස්කෘතික

19 වන එල් . එස් . ආර්. මැරතන් තරගය

ඔක්තෝම්බර් 5 (අනිද්දා) බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාව අසලින් ඇරඹේ

ඔක්තෝම්බර් 05 වන ඉරුදින පෙ .ව. 6 ට කොළඹ 07, බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවට ආසන්නව ඇති මාර්ග සංඥා පද්ධතිය අසලින් ආරම්භ වන අතර ඉන්පසු බෞද්ධාලෝක මාවත ඔස්සේ බොරැල්ල කනත්ත වට රවුම හරහා දෙමටයගාඩ, පෑලියයගාඩ, වත්තල, හේකිත්ත, හැමිල්ටන් ඇළ, පමුණුගම, තලාහේන, පිටිපන සහ දූව ඔස්සේ මිගමුව බීච් පාර්ක් වෙත ළගාවේ.

මෙම තරගය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, මිගමුව නගර සභාව, අදාළ ප්‍රාදේශීය සභා, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා පොලිසිය සහ මුද්‍රිත / විදුත් මාධය ආයතන නැවතත් අතීතයේ මෙන්ම මෙවරද සංවිධායකයින්ට සහයයෝගය ලබාදීම සඳහා ඉදිරිපත්වී ඇති බව සංවිධායකයෝ පවසති. 

1998 වසරේ දී ගාල්යල්දී එල්. එස්. ආර්. ජාත්‍යන්තර මැරතන් තරගය යනුවෙන් ආරම්භ කළ මෙහි අවසාන තරඟය 2018 වසරේ දී පැවැත්වෙන තුරු ක්‍රමක්‍රමයයන් සාර්ථක වර්ධනයක් ඇතිකර ගනිමින් ජාතික මෙන්ම අන්තර් ජාතික ක්‍රීඩා දින දසුන් තුළ ප්‍රමුඛ ස්ථානයක් ලබාගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකාව තුළ යහපත් වාතාවරණයක් ඇතිවීමත් සමගම ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරන සංචාරක වයාපාරයේ නව පිබිදීයේ ප්‍රතිඵලයක් ලෙස සංචාරකයින්යේ පැමිණීයේ පැහැදිලි වර්ධනයක් පසුගිය මාස කිහිපය තුළ දැක ගැනිමට හැකි විය.

 මෙම යහපත් වාතාවරණය තුළ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය පිණිස පසුගිය තිස් වසරකට ආසන්න කාලය තුළ ක්‍රීඩාව යොදා ගැනීමේ ආරම්භක ආයතනයක් වන ලංකා ස්පෝර්ට්රයිසන් සමාගම පසුගිය වසර කිහිපය තුළ රටේ පැවති අයහපත් වාතාවරණය නිසා තාවකාලිකව නවතා තිබු ක්‍රීඩා තරඟ නැවතත් පැවැත්වීමට තීරණය කර ඇත.

 අතීතයේ මතක සටහන් අතර මෙම ක්‍රීඩා ඉසව් වලින් සමහරක් ලෙස "එල්. එස්. ආර්. කළම්ඹො මැරතන්" තරඟයට අමතරව මාර්ග පාපැදි ධාවන තරගයක් වන "ශ්‍රී ලංකා ටී කප් " කඳු තරණය කිරීමේ පාපැදි තරගයක් වන "රම්බල් ඉන් ද ජන්ගල් " ත්‍රාසජනක ක්‍රියාවලියක් වන "විටෙල් ඇමසෝන්" ඕස්ට්‍රේලියාවේ ලෝක සර්ෆින් සංගමය හා එක්ව සංවිධානය කරනු ලබන "ඩබ්ලිව්. කිව්. එස් සර්ෆින් තරගාවලිය සහ "ශ්‍රී ලංකන් ගොල්ෆ් ක්ලැසික්" නොමැකෙන සේ රැදී සිටී.

මෙවැනි ක්‍රීඩා ඉසව් නිරන්තරයෙන් පැවැත්වීමට කටයුතු කිරීමෙන් ක්‍රීඩා සඳහා පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සිතියමේ වැදගත් ස්ථානයකට පත්කිරීමට හැකිවේය යනු සංවිධායකයින්ගේ තදබල විශ්වාසයයි.