ආදරේ ....
ආදරය මිනිස් සිත් ඔවුනොවුන් හඳුනා ගන්නා යදමකි. 
ඒ ආදරයම කෙනෙකු පෙළනා කල හළා හල විෂකි.
එම නිසා ආදරය අප හැමෝම එක් මිටකට ගන්නා සොඳුරු සිතුවිල්ලක් කරගමු. එහිදී සැබෑ ආදරය පුදමු. ගරු කරමු.
මිනිසාට දෙවියන් කෙසේවෙතත් සැබෑ මිනිසෙකු විය හැක්කේ එවිටයි.
එය එසේ නොකළොත් අරගල හතක් කළත් මේ වටාපිටාව වෙනස් කළ නොහැකිය .
එබැවින් අපි අනෙකාට අපේ මිනිසත් කම දානය කරන පිරිකර ආදරය කරමු.
දැනටමත් ඔබ එය කරන බව මම දනිමි.
එසේ නොවන්නට අපි මේ රෑනේ එකට නොසිටිනු ඇත.
ඔබ ඒ පූජනීය ආදරය ලැබෙන, දෙන ආදරණීය දොහක්!

චම්මින්ද වෙලගෙදර .
------------------------------------------------විහිදාලන සුවඳ

විහිදාලන සුවඳ ලා පෙති රෝම.... මුදූ
හදවත පුරාවට ආලය බෝම... මිදූ
සියොළඟ සලිත වන ආසා ප්‍රේම... වැදූ
නුඹ හරි ලස්සනයි පිපි මල සේම...බඳූ
- මධුෂිකා අත්තනායක -
ප්‍රේමය යනු !?

එක් වූවෝ පසු කලෙක
උනුන් රිදවා ගනිති
බිඳෙති
වෙන්වෙති
එක් නොවූවෝ සදාකල්හි ම විඳවති
එහෙත් කිසි කලෙක
නොබිඳෙති වෙන් නොවෙති
බැඳුණු අතැඟිලිවලට වඩා
බැඳුණු සිතිවිල ප්‍රේමාන්විත බව
ලෝකයාට කියන්නට
ඔවුහු උත්සුක නොවෙති
ඒ ප්‍රේමය ඔවුන් රකිති මරණය තෙක් ම
මරණයෙන් මතුව ද ඒ ප්‍රේමය ම පතති
එක්වූවෝ ළය ගින්නෙන් යහන්ගත වෙති
එක්නොවූවෝ හද සයනෙ යෙහෙන් වැජඹෙති
ප්‍රේමය යනු!
එක්වූවන් ගේ
රජදැක්ම නොවේ.
ප්‍රේමය යනු!!
එක් නොවූවන් ගේ
''හද ගැස්මයි"

- මහීෂා පෙරේරා -
මල්...
මල්...
මල්....
පස් පෙති මල්
සියක් පෙති මල්
දාස් පෙති මල්.... සිප ගන්න සෙනෙහයෙන්!
අත්සන

පොතේ අත්සන ..
කුරුටු ගා ගති..
හදේ අත්සන..
නුඹ සොයා ඵති..
දෙනත නොකිවත්..
කදුඵ මුමුති..
මටම මා ගැන..
දුකක් තව ඇති..

- ශ්‍යාමලී ගමගේ
-----------------------------------



ඇන්ජලා පැල්පොළ