ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

2/3 කින් සම්මත වූ අනුරගෙ මංගල අයවැය (2025) වාර්තාවට කතානායකවරයා අත්සන් තබයි.

ඡන්දය විමසුවේ පස්වරු 7. 30 ට පමණ ය

දහවැනි පාර්ලිමේන්තුවේ මංගල අයවැය වාර්තාව 2/3 ක අති බහුතර ඡන්දයෙන් අද හවස සම්මත වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රෙගුලාසිවලට අනුකූලව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අත්සන් තැබී ය. මෙය 2025 අංක 03 දරණ විසර්ජන කෙටුම්පත සේ නීතිගත වේ.

විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව 7.40 ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව  ඡන්ද 159 ක්ද විපක්ෂ  ඡන්ද 45 ක්ද  හිමිවිය. ඒ අනුව 2025 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 114 කින්  පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

2025 වසර සඳහා  වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාවමුදල් අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව පෙබරවාරි 18 සිට  25 දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි. ඒ අනුව  පෙබරවාරි 25 වැනි දින පැවති විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109 කින්  පාර්ලිමේන්තුවේදි  සම්මත විය.  අනතුරුව  විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට අද  (21) දක්වා දින 19 ක් පැවැත්විණි.

මේ අතර අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද හවහ සිය අත්සන තැබී ය. ඡායාරෑපයේ දිස්වන්නේ කතානායකවරයා සිය අත්සන තබන අයුරු යි.

 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණී රෝහණාධීර මහත්මිය ප්‍රමුඛව නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, සහකාර ලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ නීති සම්පාදක අංශයේ අධ්‍යක්ෂ ජයලත් පෙරේරා, පාර්ලිමේන්තු පනත් කෙටුම්පත් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්ත ෆ්‍රනාන්දු යන මහත්වරු ද කතානායකවරයා ගේ සහතික කිරීමේ අවස්ථාවට මෙසේ ක්ව හුන්හ.
ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 3  දරන  විසර්ජන පනත ලෙස  බලාත්මක වේ.