තායිලන්තයේ බැංකොක් නගරයට උතුරින් ගිනිකෙළි කම්හලක පිපිරීමක් සිදුව තිබෙනවා.
ඉන් එහි සේවය කරමින් සිටි කම්කරුවන් 20 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් පවසන්නේ.
බැංකොක් නගරයට කිලෝමීටර් 120ක් උතුරින් පිහිටි සුෆාන් බුරි පළාතේ සිදු වූ මෙම සිදුවීමට හේතුව කුමක්ද යන්න තවම පැහැදිළි නැහැ.
මේ වන විට එම ස්ථානයේ දිවි ගලවා ගත් අය සොයා පරික්ෂා කිරීම් සිදුකරන අතර, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට ගොස් සිටින තායිලන්ත අගමැති පිපිරීම සම්බන්ධයෙන් දැනුවත් වීමෙන් අනතුරුව ඔහු කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබෙනවා.
විපතට පත් පුද්ගලයින්ගේ පවුල් වෙත සහන සලසන ලෙසත් බලාගාරය නීත්‍යානුකූලව ක්‍රියාත්මක වූයේද සහ නොසැලකිලිමත්කම නිසා පිපිරීම සිදුවී ඇත්දැයි සොයා බැලීමට අගමැතිතුමා නියෝග කර ඇති බව සඳහන්.