උසස් පෙළ ජයගත් සැමට හෙළදිව සුබ පැතුම්!
 2023 අපොස උ/පෙළ විභාග ප්‍රතිඵල අද හවස් භාගයේ නිකුත් කරන්නට විභාග දෙපාර්තමේන්තුව පියවර ගන්නා ලදි. අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරන ලද උසස් පෙළ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි ය. බාගත කර ගත හැකි ය.

 උසස් පෙළ විභාග ප්‍රතිඵල ලේඛනයට අනුව ජීවවිද්‍ය අංශයේ වැඩිි ලකුණු ලබාගෙන ඇත්තේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ  පහන්මා උපනි ලෙනෝරා සිසු දියණිය යි.
 උසස් පෙළ විභාග ප්‍රතිඵල ලේඛනයට අනුව ජීවවිද්‍ය අංශයේ වැඩිි ලකුණු ලබාගෙන ඇත්තේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ  පහන්මා උපනි ලෙනෝරා සිසු දියණිය යි. 
 විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනයට  අනුව භෞතිකවිද්‍යා විෂය ධාරාවෙන්          ප්‍රමුඛයා  සේ සඳහන් වන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. චිරාත් නිරෝධ පුතණුවන් ය.
 විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනයට  අනුව භෞතිකවිද්‍යා විෂය ධාරාවෙන්          ප්‍රමුඛයා  සේ සඳහන් වන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. චිරාත් නිරෝධ පුතණුවන් ය.           

පානදුර බාලිකා මහා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා දියණිය වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය හිමිකර ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනයෙන් කියැවේ.

කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙකි. හේ දසුන් රිත්මික විතානගේ පුතණුවන් ය.
 ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් වැඩිම ලකුණු ලබා ඇත්තේ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ දියණිය යි.                                              .
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් වැඩිම ලකුණු ලබා ඇත්තේ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ දියණිය යි.                                              .

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය - ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුලු සිහිල්දිය පල්ලියගුරු දියණිය සතු කරගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනයෙහි දැක්වේ.
හෙළදිව ඊ පුවත් සංග්‍රහය හෙළදිව් හි අනාගතය භාර ගනිමින් සිය කුසලතා මන සේ වර්ධනය කර ගෙන මව්බිමට අකලංක සේවාවක් මෙහෙයක් කරන්නට මේ දරුවන් මෙන් ම දැයේ සෙසු දූ පුතුනට ද ශක්තියත් ධෛර්යයත් වාසනාවත් නො අඩුව ලැබේවා යනුවෙන් ආසිරි මල් පුදන්නෙමු.
හෙට මව්බිම ඔබගේ බව සිහියේ තබා ගෙන අනාගතය සක්ෂාත් කර ගන්නට අපි දු පතම්හ.