ජාතික ජන බලවේගයේ ඡන්දාපේක්ෂකයෝ අද (10) හවහ හිට අත්සන් තබති. අබාධිත අපේක්ෂකයකුත් ඉදිරිපත් කරයි
2024 මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා අත්සන් කිරීම අද (10) පස්වරු 3.00 සිට ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නීතිඥ සුනිල් වටගල යන අයගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයින්, නීතිඥයින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, කලාකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසකින් සමන්විත වේ. මෙවර ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ආබාධ සහිත පුද්ගලයින් නියෝජනය කරමින් අපේක්ෂකයකු ඉදිරිපත්වීම විශේෂත්වයකි.