බොරු ප්‍රචාරවලට නොරැවටෙන්න අයදුම්පත් භාර ගන්න අවසන් දිනය 2024. 08. 05 බව දැනුම් දෙමි.
ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම 2024. 08. 05 වැනි දින අවසන් බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට තැපැල් ඡන්ද අයදුම් පත් සම්පූර්ණ කිරීම සඳහා ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචියට අදාළ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වූ www. elections.gov.lk මඟින් 2024 ජනාධිපතිවරණ ඡන්දහිමි නාමලේඛන තොරතුරු (2024 ඒකාබද්ධ ඡන්දහිමි නාමලේඛනය) යනුවෙන් දැක්වෙන දිගුව වෙත තමන් ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගැනීමේ පහසුකම් සලසා දී ඇත.
පොදු මහජනතාවගේ වෙනත් අවශ්‍යතා ඉටු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024. 07. 01 දින සහතික කරන ලද ඡන්දහිමි නාමලේඛනය ද නිල වෙබ් අඩවියට උඩුගත කොට ඇත.
එසේ වුව ද රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුවේ කැඳවුම්කරු විසින් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ සඳහන් වන 2024. 07. 31 දින සහතික කරන ලද නාමලේඛනයේ තොරතුරු අනුව තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමෙන් වළකින ලෙස කරන ලද දැනුම්දීම හා තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම 2024. 08. 15 දින දක්වා සිදු කරන බවට වූ මුහුණු පොතේ ප්‍රචාරය කරන දැන්වීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති අතර එහි සඳහන් තොරතුරු සම්පූර්ණයෙන් ම අසථ්‍ය මෙන්ම ජනතාව නොමඟ යවන සුළු ප්‍රචාරයක් බව නිවේදනය කරමි" යනුවෙන් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කොට ස්වකීය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා මඟින් 2024. 08. 05 දිනට ප්‍රථම ඡන්දහිමි නාමලේඛනයේ නම සඳහන් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත එවන ලෙස සියලුම තැපැල් ඡන්දදායකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින වග ද ඒ නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත
 
            