උණුසුම් පුවත්කාලීනදේශපාලනසංස්කෘතිකසාහිත්‍යය හා කලාව

2025 හොඳම පුවත්පත් කතුවරයා දිවයිනේ නාරද!!!

ශ්‍යාම් නුවන් හොදම ආර්ථික පුවත් විශ්ලේෂකයා සේ සම්මානයට පාත්‍ර වෙයි

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ  අද (04) සැඳෑවේ  පැවති " පිනකල් ශ්‍රී ලංකා පීපල්ස් අවෝඩ්ස්" සම්මාන උළෙලේ දී 2025 වසරේ හොඳම පුවත් පත් කතුවරයා  ලෙස "දිවයින" පුවත්පතේ ප්‍රධාන කතුවර  නාරද නිශ්ශංක මහතා සම්මානයෙන් පිදුම් ලද බව හෙළදිව ඉතා සතුටින් සටහන් තබන වගයි.

එමෙන් ම මේ සම්මාන උළෙලේ දී 2025 වසරේ හොදම ආර්ථික පුවත් විශ්ලේෂකට හිමි ''පිනකල් ශ්‍රී ලංකා පීපල්ස් අවෝඩ්ස්" සම්මානය ලද්දේ දිවයින පුවත්පතෙහි මුල්‍ය හා ආර්ථික කතුවර ශ්‍යාම් නුවන් ගණේවත්ත මහතා යි.

හෙළදිව නාරදට මෙන් ම ශ්‍යාම්ට ද එකසේ සුබාශිංසන පළ කරන්නෙමු!