උණුසුම් පුවත්කාලීනක්‍රීඩා

3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ප්‍රථම රන්පදක්කම දිනා ගනී

රත්නපුරේ ළහිරු ලක්මවගේ ගෙල රනින් සරහයි

තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ඊයේ (23) රන්පදක්කමක් සතු කරගන්නට ශ්‍රී ලංකාව සමත් වූවා ය. ඒ මීටර් 1500 ඉසව්වෙනි. මේ තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ ළහිරු අචින්ත ආසියානු කලාපයේ සූරයා වූයේ තරගය ඇරඹි තැන් පටන් නිමාව දක්වා සිය ප්‍රතිවාදීන්ට ඉදිරියට ඒමට ඉඩක් කඩක් නෙතබමිනි. මේ දක්වා ලංකාව නියෝජනය කළ කිසිදු ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක හෝ ලක්මවගේ ගෙල  රන්පදක්කමකිිි සරහන්නට සමත් වූයේ නැත.  රත්නපුරේ කොලු ගැටයා ඒ අගනා කටයුත්ත අපූරුවට කළේ ය. ළහිරුගේ මේ ජයග්‍රහණය ඉතිහාසයට එක්වන්නේ ඔහු රටට දිනා දුන් මේ රන් පදක්කමේ වටිනාකම නොමැකෙන මතකයක් බවට පත් කරමිනි. 

මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ ඊයේ (23) ඇරඹුණු තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ මුල් දින ම ළහිරු මෙන් ම කාන්තා ධාවනයට එක්වූ ලාංකේය ක්‍රීඩිකාව ද එම ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමි කර ගන්නට සමත් වූවා ය. 

රත්නපුරර සාන්ත ඇලවිෂියස් විදුහලේ සිසුවක වන ඔහු මීටර් 1500 තරගය නිමා කළේ විනාඩි 03 තත්පර 57. 42 ක කාලයක් මිඩංගු කරමිනි.

යොවුන් දැරියන් ගේ මීටර් 1500 ධාවන ඉසව්වට  අපේ රට නියෝජනය කරමින් ධාවන පථයට පිවිසි  සංදීපා ගිම්හානි විනාඩි 04 තත්පර 52 . 32 කින් තරගය නිමා කරමින් ලක්මවට ලෝකඩ පදක්කමක් දිනා දුන්නී ය.