නිමා කළ.. පොතක..

මා කියවා නිමා කළ..
පොතක..
ප්‍රේමයේ රිද්මය..
නපුරු සිතකට..
නොව..
කල්පයක් ගිය..
ශෝක ගීතයට..
අයිති බව..
කතුවරයා..
උලුප්පා ලියා..
පෙර වදන්..
නොමැති පොතක..
මුල මැද අග..
ආදරියේ..
නුඹ ගැන සටහන..
මැකි බොඳව..
ගිය අකුරු අතරින්..
සිනහා නොවන..
දසන් පෙළ..
හිත් රිදුමි..
ඔය දෙනෙත් වලින්..
වැටෙන පිණි වැස්ස..
මා මුදා හළ..
හීන ළඟින්..

පාව ගිය..
ආදරයේ මතක ..
සුවඳ..
රිදවන තරමි..
- ශ්‍යාමලී ගමගේ -
----- ------- ------- -------
සොඳුරුබව
සුවඳමය සොඳුරුබව
කෙළවර
පොදි බැඳන් පැතුම් පොදි
ඊයේ ද ඊයේ මෙන්
අද ද අද වාගේ ම හොට ද
අපි බල බලා ඉස්සරහ
විකල් වූ මනැසින්
යන්නේ එකිනෙකා හා විටෙක බැඳ අත්වැල්
වරෙක හැරදමා --- සොය සොයා ------
සමු ගනිමි

එළිය දෙන්නට තැනූ දිවියම
මගේ ලෝකය අළුකරයි නම්
මද නලක් වී නිවූ හදවත
සැඩ සුළඟ වී සුනු කරයි නම්
තරුව විලසට මග කියූ මා
අතරමං කර පලා යා නම්
කඳුළ නිවුමට තැනූ මසිතේ
සිනා උදුරා විසි කරයි නම්
කියා යාදිනි රැකිය නොහැකිය
නොසැලෙනා හදවතක් නැත්නම්
ලියා දුක් කවි තවත් කුමටද
ගලක් බඳු හදවතක් වෙනුවෙන්
දෙවුර මත බර තබනු නොහැකිය
මියන තුරු මට ඉතින් ඉවතින්
ඉතින් සමු දෙමි දුකම මිස මට
ඔබ ළඟත් සැනසුමක් නැතිනම්
පතන පැතුමන් පතන විලසට
ඉටුවෙලා දුක් ගිනි නිවේවා!!
සිතන සිතුමන් සොඳුරු හෙටකට
ළඟා වන මාවතක් වේවා!!
මටත් වැඩියෙන් ඔබව වැටහෙන

හිතක නව ලෝකය තැනේවා!!
නවමි මගේ හිස මෙයයි දෛවය
ඔබේ මාවත එළිය වේවා!!!
------------- ---------------- ---------------
වඩින්න සුදු පුතේ නුඹ විතරක් ....

මව් වත් සෙනේ අරුත මැන
ලේන කුලෙන් ගෙනා...
පෙම්වත් ප්‍රේමයක් ඇත
විරාගික නමට ලියා...
මැවුණත් කෝටියක් බුදුවරු
කල්ප ගාණක් භව තනා...
ලැබුණත් එපා කිව් විවරණක්
ඇත තිතකින් ඈත තබා...
ඉරා ගන්නැති විලි සළුවේ
හතර කොන් ලෙයින් තෙමා....
ගලා යන්නැති ගැලුම් ගාණක්
මහවැලියත් යයි එයින් ගලා...
දරා ගන්නැති උඩවැඩියාවක්
අහසින් පොළවටම වෙලා...
හිතා ගන්නැති මමයි අම්මා....
ඉස් මස් ලේ නැතත් සවියට තනා.....
අවසර නැති බව දන්නවා....
පත්තිරිප්පුවේ පිය ගැට නගින්න....
සඳ ගල ගාවදි හිත හඩනවා
මගෑරෙයිද පස්මහ බැලුමෙන් මං දකින්න
හිස්කර පෝයෙන් පෝයට
පිරුවට කළ කුසෙන් වහන්න...
නෙලු මල් කෝටියක් තියෙනවා
සුදු පුතේ නුඹ විතරක් වඩින්න....
ඉෂංකා මිහිරි -️

