උණුසුම් පුවත්කාලීන

5 ශ්‍රේණීයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

සිසු සිසුවියන් 51,244 කඩයිම් ලකුණු ඉක්මවා ඉහළ සාධනයක් පෙන්වලා

2024 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවල දැකිය හැකි විශේෂය නම් කඩයිම් ලකුණු ඉහළ මට්ටමක පැවතීමයි. කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සමත් වීමේ සීමාව ඉහළ අගයක් ගෙන ඇත. මෙම දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය අපේක්ෂකයින් සඳහා කඩයිම් ලකුණු 143 ක් ලෙස නිර්ණය කර ඇති අතර, දෙමළ මාධ්‍ය අපේක්ෂකයින් සඳහා එය ලකුණු 141ක් ලෙස නියම කර තිබේ. උතුරු පළාතෙන් වාර්තා වන අවම කඩයිම් ලකුණු ප්‍රමාණය ලකුණු 130 කි.  

විභාග දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව, 2024 ශිෂ්‍යත්ව විභාගයට දූපුතුන් 319,284 ක් පෙනී සිටියහ.  ඔවුන්ගෙන් 51,244 ක් කඩයිම් ලකුණු ඉක්මවා ඉහළ සාධනයක් පෙන්නුම් කර තිබේ.  වෙතත්, දරු දැරියන් 268,040 ක්  නියමිත කඩයිම් ලකුණු සීමාව පසුකර යාමට අපොහොසත් ව සිටිති.

සිසුන් සඳහා නැවත සමීක්ෂණයට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇත. මෙම අභියාචනා ජනවාරි 27 සිට පෙබරවාරි 06 දක්වා කාලසීමාව තුළ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කෙරේ.