උණුසුම් පුවත්කාලීනදේශපාලන

“69 ලක්ෂයක බලාපොරොත්තු යළි බලගන්වන සර්වජන බලය මංගල මහා ජනරැලිය” නුගේගොඩදී අතිසාර්ථක අන්දමින් මුළු දුන් වගයි…

සර්වජන බලය වටා දේශප්‍රේමී ජනතාවෙනි! පෙළ ගැසෙමු

''දැන් අපායේ ඉන්ටවල් එක. ගත්තු ණය ගෙවන්න පටන් ගතතහම ග්‍රීසියට වුණා වගේ නැවතත් යන්නෙ ආර්ථික අර්බුදයකට" - විමල් වීරවංශ සර්වජන බලය මංගල රැලියේ දී කියයි.

 

 

''69 ලක්ෂයේ බලාපොරොත්තුව යළි  බලගන්වමු!"‍

    යන තේමාව පදනම් කර ගනිමින්,  මව්බිම ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය

යන දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන හතක එකතුවෙන් ගොඩනැඟුණු 'සර්වජන බලය' දේශපාලන එකමුතුවේ මංගල මහා ජනරැලිය අද(18) හවස නුගේගොඩ දී අතිසාර්ථකව පැවැත්විණි.

'සර්වජන බලය' මංගල ජනරැලිය අමතා මව්බිම ජනතා පක්ෂයේ නායක, සර්වජන බලය විධායක සභික, ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික  නිදහස් පෙරමුණේ නායක, සර්වජනබලය විධායක සභික

  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, සර්වජන බලය විධායක සභික, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී.වී.ඩී. තිලකසිරි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර, මව්බිම ජනතා පක්ෂයේ උප සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ විධායක සභික නීතිඥ ඒ. ඩබ්ලිව්. එස්. අමීන්, මව්බිම ජනතා පක්ෂයේ විධායක සභික  සිවම් ලෝගනාදන් කෝබි යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සර්වජන බලය මංගල රැලියට අති විශාල ජනසහභාගිත්වයක් දැකගන්නට හැකි විය.