සජිත් අද (03) පාර්ලිමේන්තුවේ දී නැඟූ හඬ
AKD කියන්නේ තෙතමනය සහිත System Change කරන Brand යැයි කිව්වත් මේ AKD ක්‍රියාත්මක කරන System Change එක බුදුදහමට නිග්‍රහ කිරිමද කියා ප්‍රශ්න කරන බවත් සම්බුද්ධ ශාසනයට උත්තරීතර ස්ථාවරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් කර ඇති නමුත් වත්මන් රජය බුදුදහමට එල්ල කරන මේ ප්‍රහාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරිමක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී අනෙකුත් සියලුම ආගම් සංස්කෘතීන් ආරක්ෂා කර වීම හරහා රටේ එකමුතුභාවය ශක්තිමත් වන විට මේ තෙතමනය සහිත AKD Brand එක බුදුදහමට නිග්‍රහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසී ය.
සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවුන් වන ගරුතර මහා සංඝරත්නයට ගැටලු රැසක් මතුව ඇති බවත් බොරුවට මාධ්‍ය ඉදිරියේ පුද පූජා පවත්වා ආගම් භේදය ජාති භේදය සංස්කෘතිය අතර ගැටුම් ඇතිවන ප්‍රකාශ සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රජය කළ යුත්තේ වෛරී ප්‍රකාශ සිදු නොකර ආගමයි රටයි රැකගැනීම බවත් විපක්ෂ නායකවරයා කී ය.
AKD Brand එක ගාව අදටත් ගුරු සංවර්ධන නිලධාරි ගැටලුවට විසදුම් නෑ
AKD Brand එක හොද දේවල් කරනවා කිව්වත් අදටත් ගුරු හිගයට පිළියම් ලබා දුන් ගුරු සංවර්ධන නිලධාරීන් 17000ක් මහ පාරේ බවත් කොරෝනා කාලයේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න වසර 5ත් 10ත් අතර කාලයේ අත්දැකීම් ඇති මේ අය පසුගිය මහමැතිවරණයේ දි ඡන්ද ලබා ගන්න භාවිත කර දැන් අතහැර දමා ඇති බවත් මේ අය ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැකි ක්‍රම පවතින විට පවා එය නොකර අතැර දමා ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේ ය.
AKD Brand එකට ඇමෙරිකානු බදු අඩු කර ගන්න වුවමනාවක් නෑ
ඊයේ දින ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව වෙළෙද ගිවිසුමකට ප්‍රවේශ වීම හරහා ප්‍රතිචාරක බදු ඉන්දියාවට පැනවූ බදු 50% සිට 18% දක්වා අඩු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විපක්ෂය රජයට පැවසූ අවස්ථාවේ එය ගණන් නොගෙන සිටීමට රජය කටයුතු කළ බවත් මේ නිසා අපේ අපනයන කරුවන්ට විශාල බලපෑමක් සිදුවන බවත් තෙතමනය සහිත AKD Brand එක මේ සදහා ගන්නා පියවර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
AKD Brand එකේ පාලන කාලයේ කර්මාන්තශාලා පවා වැහෙනවා
අද කර්මාන්තශාලා වහන්න සැලසුම් සකස් කර ඇති බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇගලුම් කම්හල් 200 යටතේ විශිෂ්ට සේවාවක් කළ කර්මාන්තශාලා වහන්න යන බවත් මේ නිසා බොහෝ දෙනකුට රැකියා අහිමි වන බවත් කර්මාන්තශාලා විවෘත කරනවා කියා පොරොන්දු වී පැමිණ අද කර්මාන්තශාලා වහමින් යන බවත් 76 වසරක සාපය කිය කියා ඇවිත් රටේම බරපතල අර්බුධයක් නිර්මාණය කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
