ආර්ථිකඋණුසුම් පුවත්කාලීනතාක්ෂණයනව නිපැයුම්ව්‍යාපාරික

EWIS Colombo සමාගම, ප්‍රථමවරට දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් සිම්බාබ්වේ වෙත සාර්ථකව අපනයනය කර ඇත.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය EWIS හි අපට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් වෙනවා. - සංජීව වික්‍රමනායක

ශ්‍රී ලංකාවේ තො‍රතුරු තාක්ෂණ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සහ එකම දේශීය පරිගණක නිෂ්පාදකයා වන ඇත. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වන මෙ‍මගින්, තොරතුරු තාක්ෂණ දෘඩාංග නිෂ්පාදනයේ නැගී එන බලවේගයක් ලෙස ස්ථානගත කරමින්, නවෝත්පාදනය, ගුණාත්මකබව සහ විශිෂ්ටත්වය සඳහා EWIS හි කැපවීම ජාත්‍යන්තර වේදිකාව තුළ විද්‍යාමාන කරයි

ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික නිපැයුම් සම්පාදනය කිරීම සඳහා වූ EWIS හි කැපවීම ප්‍රශංසනී ය, සූරියවැව අති නවීන EWIS නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් මෙම ඓතිහාසික නැව්ගත කිරීම කරන ලදි. නිෂ්පාදනය සහ එකලස් කිරීමේ වසර 11 කට වැඩි විශේෂඥ අත්දැකීම් ඇති EWIS Colombo සමාගම ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

 ආයෝජන මණ්ඩලයේ (BOI) 17 වන වගන්තියෙන් අනුමත කරන ලද සමාගමක් ලෙස, EWIS මෙරට පළමු සහ එකම දේශීය පරිගණක නිෂ්පාදන කර්මාන්ත ශාලාව ස්ථාපිත කර ඇත්තේ ය. එමඟින් පරිගණක සහ තාක්ෂණික මෙවලම් අපනයනයේ වර්ධනයට මග එළි පෙහෙළි කරයි.

EWIS Colombo සමාගමේ සභාපති, සංජීව වික්‍රමනායක මහතා මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව සාඩම්බරයෙන් පැවසූවේ, “මෙම සුවිශේෂී සන්ධිස්ථානය EWIS හි අපට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් වෙනවා. අපේම දක්ෂතාව, හැකියාව සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ගෝලීය වේදිකාව තුළ තරඟ වදිමින්, අපනයනය සඳහා උසස් ගුණාත්මයෙන් යුත් තොරතුරු තාක්ෂණ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේ හැකියාව අපේ රටේ ඇති බවට මෙය සාක්ෂි දරනවා. දේශීය වෙළඳ පොළින් ඔබ්බට යමින්, ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා නවෝත්පාදනයේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට හැකි වීම පිළිබඳව අප මහත් ආඩම්බරයට පත් වෙනවායනුවෙනි.

ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මකබව සඳහා EWISහි කැපවීම ඔවුන් සතු ISO 9001:2015, ISO 14001:2015, CE, FCC, RoHS සහ IEC 62368-1 සහතික මගින් සනාථ කරන අතර, මෙම ප්‍රමිතීන් තුළින් EWISහි අන්තර්ජාතික ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කරයි. මෙම ගෝලීය ප්‍රමිතීන් මඟින් විශිෂ්ටත්වය සඳහා EWIS හි කොන්දේසි විරහිත කැපවීම තහවුරු කරන අතර ජාත්‍යන්තර වෙළඳ පොළෙහි EWIS නිෂ්පාදන ඉතා තරඟකාරී කිරීමට එය සාධක වී ඇත.

ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයේ ප්‍රමුඛයෙකු ලෙස EWIS, දශක හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ, අධ්‍යාපනය, ව්‍යාපාර සහ රජයේ ව්‍යවසායන් සඳහා නවීන විසඳුම් සම්පාදනය කරයි. වසර 11 කට වැඩි දේශීය නිෂ්පාදන සහ එකලස් කිරීමේ විශේෂඥතාව සමඟින්, උසස් තත්ත්වයේ, ජාත්‍යන්තරව තරඟකාරී වන IT දෘඩාංග නිෂ්පාදනය සඳහා EWIS එහි හැකියාවන් අඛණ්ඩව තියුණු කර තිබේ.

 සිම්බාබ්වේ වෙත සාර්ථකව සිදු කරන ලද මෙම අපනයනය, EWIS හි ජාත්‍යන්තර සලකුණු පුළුල් කිරීම සඳහා තැබූ ශක්තිමත් පියවරක් නියෝජනය කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ හා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු ශක්‍යතාව ශක්තිමත් කරමිනි. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සවිමත් කරන ගමනේ, ගෝලීය තාක්‍ෂණ සැපයුම් දාමය තුළ ජාතියේ ස්ථානය ශක්තිමත් කරමින්, තවදුරටත් තොරතුරු තාක්ෂණ මෘදුකාංග අපනයනය සඳහා මෙම සන්ධිස්ථානය අඩිතාලම සපයයි.

සිම්බාබ්වේ වෙත කළ සාර්ථක පිවිසීමත් සමඟින් EWIS Colombo සමාගම, අප්‍රිකාව සහ ඉන් ඔබ්බට ඇති නව අවස්ථා පිළිබඳව ක්‍රියාකාරීව ගවේෂණය කරයි. ලොව පුරා ඇති ව්‍යාපාර, ආයතන සහ පාරිභෝගිකයින්ගේ පරිණාමය වන අවශ්‍යතා සපුරාලන නව්‍ය, ඉහළ කාර්ය සාධනයක් සහිත, දේශීයව ගොඩනගා ඇති තාක්‍ෂණික විසඳුම් ලබා දීමේ මෙහෙවර උදෙසා EWIS අඛණ්ඩව කටයුතු කරයි. වර්ධනයේ සහ පුළුල් කිරීමේ EWIS හි අඛණ්ඩ ගමන් මග තුළ, අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ දෘඩාංග කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ භූමිකාව ශක්තිමත් කිරීම සඳහා සමාගම, ජාත්‍යන්තර තාක්ෂණික පාර්ශවකරුවන්, බෙදා හරින්නන් සහ කොටස්කරුවන් වෙත ආරාධනා කරයි.

උපුටා ගැනීම - ලංකා සී නිවුස් වෙතිනි