උණුසුම් පුවත්

FB පැමිණිලි 31548

(ඡායාරූපය අන්තර්ජාලයෙන් ගෙන සකසන ලදි)

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

මුහුණු පොත සම්බන්ධයෙන් වන පැමිණිලි 2023 වර්ෂයේ දී තිස් එක් දහස් පන්සිය හතළිස් අටක් (31548) ලැබී ඇතැ යි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා දිවයිනට ඊයේ (14) පැවසී ය.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ෆේස් බුක් හරහා කාන්තාවන්ට සිදු වූ අකටයුතු කම් සම්බන්ධයෙන් බවත්, එම පැමිණිලි සංඛ්‍යාව දස දහස් හත්සිය හැත්තෑ හතරක් (10774) බවත් ඒ මහතා කී ය.

එසේම 2023 ව්‍යාජ ෆේස් බුක් ගිණුම් සම්බන්ධයෙන් පැමිණිලි පන් දහස් එකසිය අසූ අටක්, (5188) ද අනවසරටෙන් ෆේස් බුක් ගිණුම් (හැක් කිරීම) වලට  ඇතුළුවීම් සම්බන්ධයෙන් පැමිණිලි හත් දහස් හාරසිය අනූනමයක් (7499) ද අන්තර්ජාල වංචා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම්, තෑගි පාර්සලයක් ලැබී ඇති බව පවසා එය ලබා ගැනීමට මුදල් තැන්පත් කරන ලෙස කියා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි එක්දහස් හයසිය නමයක් (1609) ද ලැබී ඇතෑයි ද හෙතෙම කියා සිටියේ ය. මුහුණු පොත සම්බන්ධයෙන් පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇත්තේ කොළඹ, කුරුණෑගල, ගම්පහ හා අනුරාධපුර යන දිස්තික්කවලින් බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

උපුටා ලැනීම - දිවයින පුවත්පත