උණුසුම් පුවත්සෞඛ්‍යය

Golden Inmediens – 2023 දේශීය වෛද්‍යවරුන් 60 දෙනකුට පිදුණු වග යි.

අගමැති අතින් සම්මානලාභීන්ට සම්මාන

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් 60 දෙනෙකු සඳහා Golden Inmediens 2023 ව්‍යවසායකත්ව රන් සම්මාන...

  දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇඟයීමේ Golden Inmediens 2023 ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.03.19 දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හී දී පවත්වනු ලැබීය.දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇඟයීම, දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනයන් හී මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා ආයුර්වේද ප්‍රවර්ධන පෞද්ගලික සමාගම විසින් මෙම ව්‍යවසායකත්ව සම්මාන උළෙල සංවිධානය කර තිබිණ.
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය තුළ රෝගී සත්කාර සේවා පවත්වාගෙන යමින්, ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වමින්, සංචාරක ක්ෂේත්‍රය තුළ දේශීය ආර්ථිකය සවිමත් කිරීමට දායක වූ ව්‍යවසායකයින් ඇතුළු අධ්‍යාපන, ප්‍රතිකාර, ඖෂධ ,නිෂ්පාදන, සේවා යන අංශ නියෝජනය කරමින් විශිෂ්ටතමයින් 60 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරිණ.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර, වෛද්‍ය රමේෂ් පතිරණ , රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතීඥ සිසිර ජයකොඩි, ජානක වක්කුඹුර, සීතා අරඹෙපොළ, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන චන්දන තිලකරත්න, ශම්මි දෙනාවත්ත, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති අනුර ඇතුලත්මුදලි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාල ව්‍යවසායකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.