විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට යෝජනාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට T20 ලෝක කුසලානයට සහභාගී වී ඇති මුත් ඔවුන්ට දැඩි අසාධාරණ රැසක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ ම තමා පාර්ලිමේන්තුවේ අවදානය යොමු කළ බවත් ක්‍රිකට් ක්‍රීඩකයන් පවා තමන්ට අසාධාරණයක් වි ඇති බවට මැසිවිලි නඟන බැවින් අප රටේ ක්‍රිකට් කණ්ඩායමට ලැබිය යුතු නිසි පහසුකම් ICC නීතිරීති රෙගුලාසි තුළ ලබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම T20 ලෝක කුසලාන තරග ක්‍රියාත්මක වූ නැසෝ කියන ක්‍රීඩාංගනය ක්‍රිකට් තරග සඳහා නුසුදුසු එකක් බවට ICC එක පිළිගෙන ඇති බවත් මේ ගැන පක්ෂ විපක්ෂ වාද භේද ඇති කර නොගෙන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එමෙන් ම මේ තත්ත්වය තුළ ICC එක තුළ තිබෙන වැරදි සැලකිල්ල මෙන් ම බලවත් අයට ඉහළ සැලකිල්ලත් බලවත් නොමැති රටවල් පාගා දැමීමටත් විරුද්ධව නැගී සිටිය යුතු බවත් එවැනි අසාධාරණයක් සිදුවීමට ඉඩ නොදිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී යෝජනා කර සිටියේය.