උණුසුම් පුවත්

IMF නියෝජිතයන් පිරිසක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් අද පෙරුවරුවේ හමුවී සාකච්ඡා කළා.

ඔවුන් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සතියක කාලයක් දිවයිනේ රැඳී සිටීමට නියමිතයි.