ආර්ථිකඋණුසුම් පුවත්කාලීනතාක්ෂණය

INFRACON 2026 දේශයේ යටිතල පහසුකම් සහ ඉදිකිරීම් සඳහා වෙන්වුණු ප්‍රමුඛතම කර්මාන්ත ප්‍රදර්ශනයක්!

HVAC - R & Cold Chain, Power & Energy, Green Grid, Safe Water, සහ Build Materials යන ප්‍රධාන අංශ 5 ක් එක්වේ

දේශදේ යටිතල පහසුකම් සහ ඉදිකිරීම් අංශ සඳහා වෙන්වුණු ප්‍රමුඛතම කර්මාන්ත ප්‍රදර්ශනයක් වන යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ප්‍රදර්ශනය, INFRACON 2026, 2026 ජූලි මස 3 සිට 5 වැනි දින දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානදේ දී (SBMEC) පැවැත්වේ. මෙය (MICE කාණ්ඩයේ ජනාධිපති සම්මාන ගණනාවක් දිනාගත් MICE විශිෂ්ටතමයන් අතරට එක්වූ  සමාගමක් වන) සීමාසහිත ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා (පෞද්ගලික) සමාගම සහ බංග්ලාදේශයේ  MICE අංශයේ  කර්මාන්වත ක්ෂේත්‍රයේ ද ප්‍රමුඛයකු වන බංග්ලාදේශයේ සේවර් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමාගම විසින්ව සංවිධානය කරනු ලබයි.

INFRACON 2026 ප්‍රදර්ශනය මගින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, සංවර්ධ්‍කයන්, කොන්ත්‍රාත්කරුවන්, ඉංජිනේරුවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ තාක්ෂණ සැපයුම්කරූවන් එක් තැනකට ගෙන එයි. මෙම ප්‍රදර්ශනයට HVAC - R & Cold Chain, Power & Energy, Green Grid, Safe Water, සහ Build Materials යන ප්‍රධාන අංශ 5 ක සංවිධායකයන් සහ සැපයුම්කරුවෝ සහභාගි වෙති. මෙම ප්‍රධාන අංශවලට අයත් අංගයන් ප්‍රදර්ශනයේ වෙන්ව වෙන්ව වූ ප්‍රදර්ශන කුටි තුළ ප්‍රදර්ශනය කිරීමට කටයුතු සලස්වා ඇත. ප්‍රමුඛ පෙළේ දේශීය මෙන් ම ජාත්‍යන්තර ප්‍රදර්ශනකරුවන්ගේ සහභාගිත්වය මේ ‌සඳහා අපේක්ෂා  කරනු ලබන අතර එමගින් ‌මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ ඉදිකිරීම් කර්මාන්ත සඳහා වඩාත් වැදගත් වේදිකාවක්  වන බව යළි යළිත් සහතික කර සිටියි.

ශ්‍රී ලංකාවේ සංවර්ධ්‍නය සහ ආයෝජනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමත් සමග, ‌මෙම   ක්ෂේත්‍රය  තුළ වඩාත් එකිනෙකට සම්බන්ධිත සහ තිරසර අනාගතයක් නිර්මාණය කිරී‌මෙහිලා අවස්ථා උදා කරන සහ සහයෝගිතාව වැඩි දියුණු කරන වැදගත් භූමිකාවක් INFRACON 2026 ප්‍රදර්ශනය විසින්ව ඉටු කරනු ඇත.

දින තුනක් පුරා පැවැත්වෙන ‌මෙම  වැඩසටහන යටිතල පහසුකම් සංවර්ධ්‍නය, ඉදිකිරීම් අමුද්‍රව්‍ය, බර යන්ත්‍රෝපකරණ, බලශක්තිය, සුහුරුගොඩනැගිලි, නාගරික සංවර්ධ්‍නය සහ ඉංජි‌නේරු තාක්ෂණික විසඳුම් යන අංශවලට අදාළ නවතම සොයාගැනීම් , නිෂ්පාදන, සේවා සහ තාක්ෂණික ශිල්ප ක්‍රම පෙන්වා දෙන වේදිකාවක් ලෙස කටයුතු කිරීමට ඉලක්ක කරයි.

INFRACON 2026 යනු හුදෙක් ප්‍රදර්ශනයකට වඩා ශක්තිමත්, තිරසර හා අනාගතයට සූදානම් යටිතල පහසුකම් සඳහා වන ශ්‍රී ලංකාවේ දැක්මට උර  දෙන  දැනුම බෙදාගැනීමේ  සහ ජාලගත කිරීමේ වේදිකාවකි. නවීන, තිරසර ඉදිකිරීම් විසඳුම් පෙන්වා දෙන සජීවී නිරූපණ, නිෂ්පාදන එළිදැක්වීම් සහ අන්තර් ක්‍රියාකාරී ඉදිරිපත් කිරීම් හා සම්බන්ධ්‍ වී ප්‍රදර්ශනකරුවන් සමග සම්බන්වධ වීමට නරඹන්නන්ට හැකි වනු ඇත.

ප්‍රධානතම වෙළඳ ප්‍රදර්ශන සංවිධායකයකු වන ලංකා ප්‍රදර්ශන හා සම්මේලන  සේවා සමාගම ‌මෙම   අවස්ථාව ශ්‍රී ලංකාවට උදා කර දීම සඳහා බංග්ලාදේශයේ අග්‍රගණ්‍ය ප්‍රදර්ශන කළමනාකරණ සමාගමක් වන SAVOR International සමග අත්වැල් බැඳ‌ෙගන ඇත. The Solar Industries Association (SIA) සහ ශ්‍රී ලංකාවේ තාපයන, වාතායන, වායු සමීකරණ සහ ශීතකරණ ක්ෂේත්‍රයේ (HVAC-R) ආයතනයක් වන ASHRAE Sri Lanka Chapter ආයතන විසින් ‌ෙමම ප්‍රදර්ශනය සඳහා අනුග්‍රහය දක්වනු ලැබේ.

ප්‍රදර්ශනකරුවකු ‌ලෙස  ලියාපදිංචි වීම, අනුග්‍රාහකත්වය ලබාදීම සහ නරඹන්නන් පිළිබඳ ‌තොරතුරු ලබා ගැනීම සඳහා 

+94 11 2390560-2 හෝ ඊමේල් : [email protected] හෝ http://buildmat-srilanka.com |
https://greengrid-srilanka.com | https://hvacrandcoldchain-srilanka.com | https://powergen-srilanka.com
|https://safewater-srilanka.com යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් ඔබට වැඩිදුර තොරතුරු විමසා දැන ගත හැක.