ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය දැනුමින් අගතැන්පත් කරමින්, සුභාවිත වින්දනීය අත්දැකීම් වලින් පෝෂණය කිරීමේ සද්අරමුණෙන් - සභාපති ආචාර්ය ප්‍රභාත් කුලසිංහ
ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය දැනුමින් අගතැන්පත් කරමින්, සුභාවිත වින්දනීය අත්දැකීම් වලින් පෝෂණය කිරීමේ සද්අරමුණෙන්, Power Hands Media Network යටතේ ITV නාලිකාව ජනගත කිරීම පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් ප්රමුඛ පවර් හෑන්ඩ්ස් හෝල්ඩින්ගස් සමූහයේ සභාපති ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතාගේ සහ කළමනාකාර අධ්යක්ෂ ෂැරෝන් ජූලියා ලුඩ්වික් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ සිදුකෙරිණි.
Power Hands Plantation ප්රමුඛ Power Hands Hordings හි සභාපතිත්වය දරන ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතාගේ සර්වසුබවාදී සංකල්පයකට අනුව ආරම්භ කෙරුණු ITV නාලිකාව Peo TV අංක 125 ඔස්සේ සහ Freesat 25 ඔස්සේ විකාශය සිදුවෙයි. ITV නාලිකාව 'ඇසිදිසි කලාවේ අපේකම' තේමාවෙන් යුතුව දිනපතා උදෑසන 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා විකාශය වේ.
සමාරම්භක මොහොතේ අදහස් එක්කරමින් ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතා ''විශ්වයම තාක්ෂණය ඔස්සේ අතැඹුලක්වෙලා තියෙන මොහොතක සන්නිවේදන කාර්ය හරි ප්‍රබල සාධකයක්, එහිදී දැනුම සමාජ වත්කමක් බවට පත් කරන්න, සන්නිවේදන ප්‍රභවයන් මූලික යි. විද්‍යුත් මාධ්‍යයක් ලෙස රූපවාහිනී මාධ්‍ය ආරම්භ කොට වසර 100 ක් වීමට ආසන්න මොහොතක එයින් සමාජයට ඉටුවිය යුතු කාර්ය භාරය තවමත් ලඝුවෙලා නෑ" යනුවෙන් පැවසී ය.
''එනිසා 1979 මෙරට රූපවාහිනී කර්මාන්තය ආරම්භ කොට දශක 4 කටත් වැඩි කාලයක් ගත වීමෙන් පසුවයි මේ ITV නාලිකාව ආරම්භ කෙරෙන්නේ. ITV හි මූලික අරමුණ ආනන්දයෙන් ප්‍රඥාව කරා ප්‍රේක්ෂකයාව රැගෙන යාම හා දැනුම මුල්කොට ගත් වින්දනීය අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට ලබා දීම යි අපේ අරමුණ. පරමාථය" කුලසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
මේ ඔස්සේ 100 කට අධික වැඩසටහන් ප්‍රමාණයක් විකාශය කෙරේ. ලෝක ඉතිහාසයේ අද වැනි දිනෙක, මට මතකයි , මගේ පුංචි කාලේ , Film Reading, Power Talk , කතන්දරයක් අහමු , One Twenty Minutes, Your Dream Home, Sports Mag, Beauty Today , ආදරෙයි අම්මා, සංකථන සභාව , Auto Mobile Mag, නලියන පොඩිත්තෝ , සූර්යෝදය ,දිනන රට මෙන් ම,
Market Show, වැවිලි, ජනකලාව, Free Chat, බෝමළුව, Biz Talk, පැහැසර ගී ප්‍රභාෂ්වර, Music Noon, Weekend Hits, Chat with Chart, Bolleywood Times, Life Tips, උරුමයයි මේ අපේ, Paws & Play, Tecnics, ටැබ්ලොයිඩ්, අපේ ඉස්කෝලේ, ආදරෙයි තාත්තා, කිතුනු වන්දනා, Art Mag, මංගල්යාභිශේකය, සිප් නැණස, වාරි, දන්න නොදන්න නීතිය, සුදම් සභාව, තුන්සරණේ සරණයි, කැකුළු කොදෙව්ව, කරළිය, Industry Talk, නාරි, තරු මන්දාකිනී, ව්‍යවසායක ශක්ති, දස දෙස රැස, කියවන පත්තරේ, තුරුණු, Win Mind, සද්ධර්මාර්ථ දහම් මිණි, දිනන දරුවෝ, පින්බිම් පුරාවත, Family Doctor with I, ඇසූ නොඇසූ කතා, වෙදගෙදර අඩපැය, Economy Focus, Industry Road Map, රසෝඝ සඳපාන, ගිරිශිඛර, Biz Week, Talk to I, රට පිටරට, Big Screen, පොත් ගුල, ඇදහැළෙන රිදී නදී, අපූරු මිනිස්සු, Travel Map, The Biz Winner, ලෝකෙ වටේ හතර අතේ, ඇග්රි Today, හෙළ අහරේ රස මිහිර, සුන්දර වෙරළ දිගේ, කොලොම්පුරේ ශ්‍රියා, පිට දීප දේශ ජයගත්තෝ, ග්‍රහචාරය, විසිතුරු විදුලොව, ඔසුතුරු වගතුග, වන මං දිගේ ආදී වැඩසටහන් රැසක් ඒ අතර වෙයි.
ITV නාලිකාවේ මංගල විකාශනයට Power Hands Hordings සමුහයේ අධ්යක්ෂ ෂෙහාන් කුලසිංහ මහතා , වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.
Instagram - https://www.instagram.com/itv_lk
Youtube - https://www.youtube.com/@iTVSriLanka
https://www.facebook.com/ITVSriLanka