උණුසුම් පුවත්කාලීනක්‍රීඩාවිනෝදාස්වාද

LSR ”කෝපා සිම්හ” යොවුන් පාපන්දු තරගාවලිය 2026 අප්‍රේල් 25 – 26 කොළඹ දී

12 පහල පාපන්දු තරගාවලිය පළමුවෙන්

ලංකා ස්පෝර්ට් රයිසන් (LSR) තම නවතම යෞවන ක්‍රීඩා උළෙල වන ''කෝපා සිම්හ'' පාපන්දු තරගාවලිය 2026 අප්‍රේල් 25 – 26 කොළඹ ද පැවැත්වීමට සැලසුම් කර ඇත. තරගාවලියේ පළමු හටන අවුරුදු 12 පහල පිරිමි කාණ්ඩම්  අතර යි. මේ සඳහා දෙස් විදෙස් කණ්ඩායම් රැසක් තරග වදී.

ශ්‍රී ලංකාව තරගකාරී සහ ආකර්ෂණීය ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ දිගුකාලීන දැක්මට අනුකූලව එල්.එස්.ආර් (LSR) යෞවන සංවර්ධනය, සංස්කෘතික හුවමාරුව සහ ආර්ථික ප්‍රතිලාභ වර්ධනයට දායක වන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරටි. ජාත්‍යන්තර ක්‍රීඩකයන් සහ ඔවුව්ගේ සහාය දක්වන්නන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම මෙන් මගෝලීය ක්‍රීඩා පරිසරය තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ශක්තිමත් කිරීම ද සංවිධානයේ ප්‍රධාන අරමුණකි.

කොළඹ මැරතන්, ශ්‍රී ලංකා ටී-කප්   වෙරළෙන් වෙරළට මාර්ග පාපැදි තරගාවලිය රම්බල් න් ද ජංගල් මවුන්ටන් බයික් ශූරතාවලිය, ශ්‍රී ලංකාවේ වෙරළ පුරා පැවැත්වෙන ජාත්‍යන්තර හා දේශීය සර්ෆින් උත්සව රැසක් අයත් වේ. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව වෘත්තීයභාවය, ආරක්ෂාව සහ ධනාත්මක හවුල්කරුවන් ගේ සහයෝගිතාවයට විශේෂ අවධානය යොමු කරමින් මේ සියල්ල ලංකා ස්පෝට් රයිසන් කළමනාකරණය කර ඇත.