ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනතාක්ෂණයපරිසරයසෞඛ්‍යය

“Mental Health Walk – 2026”

"සිනහව පිටුපස ඇති කතාව" (Story Behind the Smile) යන ප්‍රධාන තේමාව යි

ගාල්ල ජාතික රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය සංවිධානය කළ "Mental Health Walk - 2026" දැනුවත් කිරීමේ පාගමන අද ගාල්ලේදී ඊයේ පැවැත්විණි.

ගාල්ල ජාතික රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය විසින් ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව "සිනහව පිටුපස ඇති කතාව" (Story Behind the Smile) යන ප්‍රධාන තේමාව යටතේ සංවිධානය කළ "Mental Health Walk - 2026" දැනුවත් කිරීමේ පාගමන අද (16) ගාල්ල නගරයේදී සාර්ථකව පැවැත්වුණා.

වැඩිහිටි අවධානය අඩු වීමේ සහ අධි ක්‍රියාකාරීත්වයේ රෝගය (Adult ADHD), කාන්තා මානසික සෞඛ්‍යය, ළමා මානසික සෞඛ්‍යය මෙන්ම සයිකෝසියානු (Psychosis) රෝග තත්ත්වයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම පාගමනේ මූලික අරමුණ විය.

ගාල්ල මහමෝදර රෝහලෙන් ආරම්භ වූ මෙම පාගමන කළුවැල්ල හන්දිය, බස් නැවතුම්පොළ ඉදිරිපිට, පොලිසිය සහ කොටුව ප්‍රධාන දොරටුව ඉදිරිපිට, සමනල ක්‍රීඩාංගණය සහ දුම්රිය ස්ථානය හරහා ගමන් කර ධර්මාපාල උද්‍යානය අසලින් අවසන් විය.
මෙම දැනුවත් කිරීමේ පාගමන සඳහා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, වෛද්‍ය හා හෙද සිසු සිසුවියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.