උණුසුම් පුවත්ක්‍රීඩා

T 20 ලෝක ක්‍රිකට් ශූරතා තරගාවලිය හෙට ඇරඹේ

කුසලානය හෙළදිවට ද!!!

 

T 20 ‌ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලිය හෙට (02) ඇරඹේ. ආරම්භක තරගය ඇමරිකාව (USA)  හා කැනඩාව (CANADA) හෙට පිටියට පිවිසේ. ඒ Grand Prairie Cricket Stadium, Dallas ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය. ඒඑරට වේලාවෙන් පෙරවරු   6. 00 ට යි.

සාඩ් බින් ෂෆාර් (SAAD BIN ZAFAR) කැනඩාවට නායකත්වය දෙයි.  ඇමරිකාවේ පිළ හසුරුවන්නේ මොනනක් පටෙල් (MONANK  PATEL) ය. 

හෙට පැවැත්වෙන දෙවන තරගයේ දී සටන් වදින්නේ බටහිර ඉන්දීය කොදෙව්වවන් WEST  INDIES සමඟ පැපුවා නිව් ගිනියාව (PAPUA NEW GUINEA) යි. ඒ් Guyana National Stadium, Guyana ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය. පස්වරු 20 . 00 ට තරගය ඇරඹේ. 

රොව්මන් පොවෙල් (ROVMAN POWELL) බටහිර ඉන්දීය කොදෙව් 20 යි 20  පිළ මෙහෙයවන අතර පැපුවා නිව් ගිනියානු පිළ අසාඩ් වාලා (ASSAD VALA) විසින් මෙහෙයවනු ලැබේ.

තරගාවලියේ දෙවන දින ඇරඹෙන්නේ පෙරවරු 6. 00 ට Kensington Oval, Bridgetown, Barbados ක්‍රිකට් පිටියේ දී නැම්බියාව  (NAMIBIA) හා ඕමානය (OMAN) අතර යි. 

ගෙහාඩ් එරස්මස් (GEHARD EARASMUS නැම්බියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා සේ සිය සගයන් සමග පිටියට පිවිසෙන අතර අකිබ් ඉල්යාස් (AQIB ILYAS)  ඕමානයීය පිළ හසුරුවයි. 

ශ්‍රී ලංකාව (SRI LANKA) T 20 ට තරග වදින්නේ අනිද්දා (03) යි. ඒ දකුණු අප්‍රිකානුවන් (SOUTH AFRICA) සමඟ යි.  Nassau County International Cricket Stadium, New York ක්‍රීඩාංගණයේ දී පස්වරු 20 පැයට යි. 

දකුණු අප්‍රිකාවේ 20 යි 20 පිළ නායක ඒඩන් මාක්රම් (AIDEN MARKRAM) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නියමුවා වන ලොව අංක එකේ පන්දු යවන්නකු සේ ප්‍රචලිත වනිඳු හසරංග (WANINDU HASARANGA) නායකයා සේ ශ්‍රී ලංකාවෙ ක්‍රීඩකයන් මෙහෙයවයි.