උණුසුම් පුවත්ක්‍රීඩා

T20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවලියේ 2024 ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

තුන් ඉරිව්වෙහි ම අති දක්ෂයකු වන වනිඳු හසරංග කණ්ඩායමේ නායකයා යි. චරිත් අසලංක, වනිඳුගෙ දෙවැනි යි.

 තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග 2024 ICC T20 ලෝක කුසලානය සඳහා පළපුරුදු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවයි.

ගෙවුණු වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා විස්සයි 20 නායකයා ලෙස නම් කරන ලද  වනිඳු හසරංග 2024 බටහිර ඉන්දීය කොදෙව්‌වේ හා ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වෙන අයිසීසී යේ, විස්සයි 20 ලෝක කුසලානයේ කණ්ඩායම මෙහෙයවනු ඇත. මැදපෙළ පිතිකරු චරිත් අසලංක ඔහුගේ උපනායකයා ලෙස නම් කරනු ලැබිණි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා විස්සයි 20 නායකයා ලෙස නම් කරන ලද හසරංග 2024 බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන අයිසීසී යේ, විස්සයි 20 ලෝක කුසලානයේ කණ්ඩායම මෙහෙයවනු ඇත. මැදපෙළ පිතිකරු චරිත් අසලංක ඔහුගේ උපනායකයා ලෙස නම් කරනු ලැබිණි.

වසර තුනකට ආසන්න කාලයකට පසු ඉකුත් ජනේරුවේ  දී T20 සැකසුමට යළි පැමිණි ශ්‍රී ලංකා පිළේ හිටපු නායකයකු වන අත්දැකීම් බහුල ඇන්ජලෝ මැතිව්ස්ගේ සම්ප්‍රාප්තිය ශ්‍රී ලංකාව විසින් බැංකුගත කර ඇතැයි කිවහොත් නිබොරුවක් නොවේ. මේ මැතිව්ස්ගේ හයනව ටී 20 ලෝක කුසලාන තරගාවලිය යි.  ඔහු 2014 වසරේ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බළඇණියේ කොටස්කරුවෙකු වූ යේ ය.

2024 ICC, T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම තේරීම් කමිටුව විසින් ඊයේ තහවුරු කරනු ලැබිණි..

ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය: (15) වනිදු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුසංඛ. සංචාරයට සහභාගී වන අතිරේක ක්‍රීඩකයෝ: අසිත ප්‍රනාන්දු, විජයඛාන්ත් වියස්ඛාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේසංචාරක සංචිත: අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ, සහ ජනිත් ලියනගේ.

ශ්‍රී ලංකා කණ්ඩායාමෙහි නායකත්ව අත්දැකීම් බහුල වනු ඇති අතර, හිටපු සීමිත ඕවර නායක දසුන් ශානක ද, කුසල් මෙන්ඩිස් (වත්මන් එක්දින නායකයා) සහ ධනංජය ද සිල්වා (වත්මන් ටෙස්ට් නායකයා) සමඟ 20 යි 20 කණ්ඩායමට ඇතුළත් ප්‍රතිවාදී අනෙක් කන්ඩායම් සැමට මහත් තර්ජනයක් විය හැකි ය. ඒත් ක්‍රිකට් යනු අවිනිශ්චිත හටනකි.

සමබරතාවය අවධාරණය කරමින්, ශ්‍රී ලංකාව සිය සංචිතයේ තුන් ඉරියව් විකල්ප කිහිපයක් තෝරාගෙන ඇත. දුනිත් වෙල්ලාලගේ, ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ද නායක හසරංග දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර වේ. මැතිව්ස් සහ ශානක සංචිතයේ විශ්වසනීය වේග පන්දු යැවීමේ තුන් ඉරියව් විකල්ප දෙකයි.

ශ්‍රී ලංකාවේ හොඳම දඟ පන්දු යවන්නා නායක වනිඳු හසරංග යි.

2022 ICC පිරිමි T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගගේ හොඳම දක්ෂතා පෙන්වූයේ ක්‍රිකට් ලෝලීන් මහත් සේ තෘප්තියට පත් කරමිනි.

මතීෂ පතිරණ සහ නුවන් තුෂාර, ලසිත් මාලිංග සිහිගන්වමින් සිය පන්දු යැවීමේ ඉරියව්වෙන් දුෂ්මන්ත චමීර සහ ඩිල්ෂාන් මධුශංකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා වේග ප්‍රහාරයට එක්ස් සාධකය ගෙන එයි.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව, බංගලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය ද 'D' කාණ්ඩයට ඇතුළත්ව සිටී. ඔවුන් සිය T20 ලෝක කුසලාන මෙහෙයුම ජුනි 3 වන දින දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝර්ක්හිදී ආරම්භ කරනු ඇති.

ප්‍රධාන 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට අමතරව, ශ්‍රී ලංකාව සංචාරක සංචිත ලෙස ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද නම් කර ඇත: අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ.

කණ්ඩායම්වලට ඔවුන්ගේ සංචිතවල වෙනස්කම් කිරීමට මැයි 25 දක්වා කාලය ඇත, ඉන් පසුව ඕනෑම වෙනස් කිරීමක් සඳහා ICC හි සිදුවීම් තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වේ.

ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළ අතර, ශ්‍ කණ්ඩාම මැයි 14 වැනි දා දිවයිනෙන් පිටත්වීමට නියමිත ය.