රජ්ගම කෙල්ලක් ලද අති ගෞරවනීය සම්මානයට හෙළදිව සුබ පැතුම්!
ජිනීවා නුවර දී පෙරේදා පැවති WIPO Global Awards 2025 සම්මාන උලෙළේ දී Environment category කාණ්ඩ් ජයග්‍රහණය ආචාර්ය Nadeesha Chandrasena ඇතුළු කණ්ඩායමට හිමි වූ බව හෙළදිව අි ද සටහන් කරන්නෙමු.
World Intellectual Property Organization යනු ලෝක බුද්ධිමය දේපළ සංවිධානය යි.එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයකි.
මෙම WIPO Global Awards සම්මානය "බුද්ධිමය දේපළ වෙනුවෙන් පිරිනමන නොබෙල් සම්මානය" වැන්නකි.
Smart Drain යනු සාම්ප්‍රදායික කාණු, අපද්‍රව්‍ය මගින් අවහිර වූ විට පවා, නගරයේ ගංවතුර වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇති ජලාපවහන පද්ධතියකි.
එහි ඇති සුවිශේෂී බව නම් ඒ ඔස්සේ අපද්‍රව්‍ය පෙරීම අතරතුර අඛණ්ඩ ජල ප්‍රවාහයට ඉඩ හසර තිබීම යි..
WIPO Global Awards සම්මාන සඳහා රටවල් 95 කින් අයදුම්කරුවන් 1000 කට කිට්ටු සංඛ්‍යාවක් ඉදිරිපත් විය. Health, Environment, Agrifood, Creative Industries සහ ICT යන අංශ පහෙනි.
මෙහි සෑම අංශයකින්ම හොඳම SME එක Start-up එක තෝරාගනු ලැබිණි.
එහි Environment අංශයේ හොඳම Start-up එක Smart Drain ජයග්‍රහණය කරන ලදි .
මේ ජයග්‍රහණය ලද්දේ නදීෂා ප්‍රමුඛ පිරිසකි. හෙළදිව ඊ පුවත් සංග්‍රහය ආචාර්ය දැඩිමුි නදීෂා චන්ද්‍රසේන මහත්මිය ප්‍රමුඛ ඒ කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් පිරිනමම්හ.
නදීෂා චන්ද්‍රසේන ගැන විශේෂ ලියැවිල්ලගක් හෙට කියවමු