ආර්ථිකඋණුසුම් පුවත්කාලීනසංස්කෘතික අනුර යි මෝදි යි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා 2026-02-200 දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහයට ජනාධිපතිවරයා ඉන්දීය අග්රාමාත්යවරයාට කෘතඥතාව පළ කරයි AI Impact 2026 සමුළුවට සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවර හයිද්රාබාද් මන්දිරයේ දී (Hyderabad House) සිදු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා මිත්රශීලිව පිළිගත් ඉන්දීය අග්රාමාත්යවරයා තම ආරාධනය පිළිගෙන AI Impact 2026 සමුළුවට සහභාගි වීම පිළිබඳ ස්තූතිය පළ කරමින් සුහද කතා බහක නිරත විය. අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අතර ඉන්දු - ශ්රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ඉන්දීය අග්රාමාත්යවරයා වෙත සිය කෘතඥතාවද පළ කළේය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article දින ගණනාවක් පුරා රටේ ගෑස් හිඟයි Next Article මහා සඟ සමුළුවෙන් විශේෂ සංඝ ප්රතිඥාවක්