උණුසුම් පුවත්

අපට දැන් ගහන්න පටන් අරන් – සජිත්

තිත්තවැල්ගාල අල්හික්මා මුස්ලිම් මහා විද්‍යාලයේ දී විපක්ෂ නායකයා එසේ කී ය

සක්වල හා හුස්ම ක්‍රියාත්මක කරන නිසා පක්ෂ සියල්ල එකට එකතු වී අපිට ගහන්න පටන් අරන් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සක්වල, හුස්ම වැනි වැඩසටහන් කරන විට කල්ලි ගැසී, තනි තනිව, වට කර, පාර්ලිමේන්තුවේ පිටතත් ඇතුළතත් තමාට අපහාස කිරීම්, ඊර්ෂයා කිරීම්, වෛර කිරීම්, ක්‍රෝධ කිරීම් කුහකකම් හා එදිරිවාදිකම් සිදු කරන බවත් මේ සියල්ල කරන්නේ බංකොලොත් රටේ ජනතාවට දූදරුවන්ට බෙදනවාට විරුද්ධ පුද්ගලයන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බෙදනවාට, නැති තැනට සම්පත් ලබා දෙනකොට, අඩුපාඩුවලට විසඳුම් ලබා දෙන විට හැමෝම එකට එකතු වී වටකර නින්දා අපහාස සිදු කරන බවත් ඔවුන් හැමෝම එකට එකතු වී තමා සහ සමගි ජන බලවේගය කොන්කර පහර දෙන බවත් ඔවුන් හැමෝම එකට එකතු වුවත් ලක්ෂ 220 ක් ජනතාව සිටින්නේ සමගි ජන බලවේගය සමඟ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කුරුණැගල හිරියාල නිකදළුපොත තිත්තවැල්ගාල අල්හික්මා මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 247 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ පුස්තකාල පහසුකම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේ ය