උණුසුම් පුවත්

අපි හැමෝගෙම පොඩි හාමුදුරුවෝ සඳුදා දැයෙන් සමුගනී

ආදාහන පූජෝත්සවය සඳුදා (05) ගංගාරාම විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේ දී

හෙළදිව කොළෙම් රටේ හුණුපිටිය නම් බිම්කඩක් ඇත්තේ බේරේ වැවට යාබදව ය. ඒ බිම්කඩ පාදක කරගත් සිද්ධස්ථානයකි. මේ සිද්ධස්ථානය හැඳින්වෙන්නේ 'හුණුපිටිය විහාරය' නමිනි. ඒ නම් එතෙිහාසික පින් බිමකි. කොළම් පුරේ පිහිටි මේ පූජණීය ස්ථානය හෙළ බොදුනුවනට ඉතා අගනා කමින් උතුරායන සංතුෂ්ටියක් ගතට හිතට ඇති කරන්නේ ය. ඒ එහි රමණීයත්වය නිසා ම පමණක් නොවේ. එහි වැඩවසනා සැරියුත් මුගලන් පරම්පරාවේ යතිවර ගණයා අතර රටක ලොවක් නම්දැරූ පොඩි හාමූදුරුවන් නමක් නිසාවෙනි. උන්වවහන්සේ පොඩි හාමුරුවන් නමින් හැඳින්වූව ද හුණුපිටිය ගංගාරාමය නම් මේ පූජණීය සිද්ධස්ථානයේ අධිපතීත්වය ඉකුත් 02 වැනි දා දක්වා දරන ලද්දේ ඒ සඟ හිමිපාණන් විසින් ය. එතුමෝ ගලබොඩ ඥාණිස්සර නම් වූහ.

කොළොම්පුර, නවගම්කෝරළයේ  ප්‍රධාන සංඝනායක ධූරන්ධරව ශාසනික, සාමාජීය හා සංස්කෘතික මෙහෙයයන් උදෙසා ම දිවිය කැප කරමින් වැඩ වාසය කළා වූ  ගලබොඩ හෙවත් ගලබඩ ඥාණිස්සර නාහිමිපාණන් වහන්සේ එක්අසූ හවුරුද්දක් ආයු වළඳා පෙරේදා (02) අපවත්වී වදාළහ. එපුවත දේශමාමක ශාසනමාමාක හැම දෙනාට ගෙන දුන්නේ අතිශය වේදනාකාරී ආරංචියකි. හුණුපිටියේ පොඩි හාමුදුරැවෝ අපවත්වීම ජාතියට දේශයට සමාජයට මහත් මැ වූ පාඩුවකි. ඒ්ත්....අ

අපවත්වී වැඩ වදාළ ගලබොඩ ඥාණිස්සර නාහිමිපාණන් වහන්සේ ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (05) වැනි සඳුදා හුණුපිටිය ගංගාරාම විහාරාශ්‍රිත ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.