දකුණු අසියානු මලල ක්‍රීඩා උළෙලේ ශූරතාවය ඉන්දිවට - අනුශූරතාවය ශ්‍රී ලංකාවට. පදක්කම් 58 ක් ඉන්දියාව දිනා ගනිද්දී පදක්ම් 40 ක් ලාංකේය ක්‍රීඩා තරු සතු කර ගනී.

රන් රිදී ලෝකඩ එකතුව
ඉන්දියාව 20 20 18 58
ශ්‍රී ලංකාව 16 14 10 40
නේපාලය 00 02 04 06
බංගලාදේශය 00 00 03 03
මාලදිවයින 00 00 01 01
භූතානය - - - -
දකුණු ආසියාවේ වඩාත් වේගවත් මිනිසා සේ ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ පසුගිය දා ඉන්දියාවේ දී කිරුළ පැලැන්දේ ය.
ආසියාවේ දකුණු කරේ වේගවත් ම කාන්තාව සේ ද බෞතිස්ම ව සිටින්නේ ශ්‍රී ලාංකේය කතකි. ඇය නමින් සෆියා යාමික් ය.
ඉන්දියාවේ රංචිහි දී චමෝද් හා සෆියා වේගවත් ම පිරිමියා හා කාන්තාව සේ ජයඅත් කර ගත්තේ 4 වැනි දකුණු ආසියානු ජවන හා පිටිය මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් සියය (100) තරග ඉසව් දෙකේ දී රන් පදක්කම් දෙකක් දරන්නට වාසනාවන්ත වීමෙනි.
පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 10. 30 කින් නිමා කරමින් චමොද් යෝධසිංහ ප්‍රථමයා වූයේ ය.
සෆියා යාමික් එම කාන්තා තරගයේ දී තත්පර 11. 53 ක කාලයක් මිඩංගු කරමින් ප්‍රථම ස්ථානය අත්පත් කර ගත්තී ය. මීටර් 100 ඉසව්වට නව තරග වාර්තාවක් තබන්නට ඇය සමත් වූවා ය.
ඇගේ දක්ෂතාවය වඩාත් ඉස්මතු වන්නේ හවුරුදු 27 ක කලකට පෙර ඉන්දියාවේ පී.ටී. ඌෂා සතුව පැවති වාර්තාව සෆියා බිඳ හෙළීම යි.
එපමණක් ද නොවේ. ඈ මීටර් 200 තරගයෙන් ද සහාය දිවීමේ තරගයට ද හවුල් වී තවත් රන් පදක්කම් දෙකක් ඇගේ ගිණුමට බැර කර ගත්තී ය.
එමෙන් ම දකුණු ආසියානු 4 වැනි මලල ක්‍රීඩා උළෙලේ දී පිරිමි මෙන් ම කාන්තා 4 X 100 සහාය දිවිමේ තරග දෙකේ දී ද ශ්‍රීලංකාව රනින් බබලවන්නට අපේ සහාය දිවීමේ කණ්ඩාම් හි තරගකරුවන් හතර දෙනා ද තරගකාරියන් ද දැක්වූ දස්කම් බෝ ඉහළ ය. ප්‍රබල ඉන්දීය සහාය දිවීමේ කණ්ඩායම් හා තියුණු සටනකින් පසු ප්‍රමුදිත් සිල්වා, සඳුන් දියලවත්ත, ඉන්දුසර විදුසන් සහ චමොද් යෝධසිංහ යන ක්‍රීඩකයින් සිව් දෙනා යෝද දස්කම් පෑහ. ඔවුන් 4 X 100 සහාය ධාවනය නිමා කළේ තත්පර 39. 99 කිනි.

ධනංජනා ප්‍රනාන්දු, අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක සහ සෆියා යමික්, කාන්තා මීටර් 4x100 සහාය තරග ඉසව්ව තත්පර 44.70 කින් නිමා කර එහි රන් පදක්කම ලක්මෑණියන් සතු කළහ.
කාන්තා තුන් පිම්ම පැනීමේ දී ද රන් පදක්කම සතු කර ගන්නා ලද්දේ මධුෂානි හේරත් ය. ඇය මීටර් 13. 36 දුරක් පනිමින් සිය කුසලතාව සටහන් කරද්දී එම තරග ඉසව්වේ දකුණු ආසියානු පිරිමි සූරයා වූයේ ද ලක්මවගේ පුත්‍ර රත්නයෙකි. හේ පසිඳු මල්ෂාන් ය. ඔහු මීටර් 16. 19 ක් තුන් පිම්මෙන් පැන්නේ ය.
මීටර් 2. 17 ක් උස පැනීමෙන් ද රන් පදක්කම අත්පත් කර ගන්නා ලද්දේ තරිඳු දසුන් ය.
කාලිංග කුමාරගේ ක්‍රීඩකයා තත්පර 46. 21 ක කාලයකින් මීටර් 400 තරගය නිමා කරමින් ප්‍රථමයා වූයේ ද තවත් රන් පදක්කමක් හෙළදිවට එක්කර දෙමිනි.
මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ධාවන තරගයේ රන් පදක්කම දිනා ගත්තේ දසුනි කෞශල්‍යා යි. ඒ තත්පර 58.66 ක කාලයකින් තරගය හමාර කරමිනි.
එහි රිදී පදක්කම ද හිමි වූයේ, තත්පර 59.24 කින් තරගය නිම කළ ශ්‍රී ලංකාවේ අරලියා සත්සරණිට ය.
හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ද රන් සහ රිදී පදක්කම් දෙක ම ශ්‍රී ලංකාවට හිමි විය.
රුමේෂ් තරංග එහි රන් පදක්කම දිනා ගත්තේ, මීටර 84.29 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.
මීටර 81.62 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ සුමේධ රණසිංහ එහි රිදී පදක්කම දිනා ගත්තේ ය.
මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම මිනිත්තු 1:51.96 නිමා කර දිනා ගත්තේ හර්ෂ කරුණාරත්න යි.
නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්ව ජය ගත්තේ වාර්තාවක් ද තබමිනි. මීටර 60.14 කට හෙල්ල වීසි කරමිනි ඇය දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාස පොතට ඇගේ නම ඈඳා ගනිමිනි.
මදුශානි හේරත් තුන් පිම්ම ඉසව්වෙන් නව තරගා වාර්තාවක් ද තබමින් රන් පදක්කම දිනා ගත් ඇය දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම ද ඇය සතු කර ගත්තී ය.
ඒ, දුර පැනීම ඉසව්වේදී මීටර 6.23 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.
රසාරා විජේසූරිය කාන්තා මීටර 10,000 ධාවන තරගය මිනිත්තු 34:39.95 ක කාලයකින් හමාර කරමින් රන් පදක්කම ලක් මවගේ ගෙල පැලඳුවා ය.
මීටර 400 පිරිමි සහය ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මිනිත්තු 3.05.12 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ය.
එහි කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමි විය.
පෙහන්සා ගමගේ උස පැනීම කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා ය.
ඇය ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර 1.74 කි.
ඉඳුසර විදුශාන් මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ, තත්පර 21.42 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි..
දුර පැනීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගත්තේ මීටර 7.56 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකාවේ විශ්මිත කුමාර ක්‍රීඩකයා ය.
මිටිය විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ දමිත් ධර්මසේන ක්‍රීඩකයාට හිමි විය.
ඔහු ගේ කුසලතාව පෙන්නුම් කළේ මීටර 46.55 කි මිටිය විසි කරමිනි..
කාලිංග කුමාරගේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ, තත්පර 46.21 ක කාලයක් සටහන් කරමිනි.
එහි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කල්හාර ඉන්දූප හිමි කර ගත්තේ ය.
ඔහුගේ දක්ෂතාව තත්පර 46.81 ක් ලෙස සටහන් විය.
ප්‍රවීණ ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි මීටර් 1500 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ, මිනිත්තු 4.25.52 ක කාලයකින් තරගය නිම කරමිනි.
එහි පිරිමි ඉසව්වෙන් තරග කළ රුසිරු චතුරංග ද රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
ඒ උදෙසා ඔහු ගතකළ කාලය මිනිත්තු 3.55.12 කි.
මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නා ලද්දේ ටක්ෂිමා නුහන්සා කොඩිතුවක්කු විසිනි.
ඇය තරගය අවසන් කළේ, මිනිත්තු 2.06.51 කිනි.
ලෝකඩ පදක්කම් පහක් හිමිකර ගන්නට රොෂාන් රණතුංග (මීටර් 110 කඩුලු මතින් දිවීම), සයුරි මෙන්ඩිස් (මීටර් 400 කාන්තා ධාවනයෙන්), ලක්ෂිකා සුගන්ධි (මීටර් 100 කඩුලු මතින් දිවීම) විනෝදනී ලක්මාලි සහ මලින්ත සම්පත් (කවපෙත්ත විසි කිරීම ඉසව්වෙන්) හැකි විය.
. දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 4 වන වරට ඉන්දියාවේ රංචිහිදී පැවැත්වුණේ හවුරුදු 17 කට පසුව යි. එය ඊයේ (26) නිමා විය.
Sri Lankan Athletes ඡායාරූප මූලාශ්‍රය,Facebook | ThePapare
