උණුසුම් පුවත්ක්‍රීඩා

අපේ චමරි ලෝක ක්‍රිකට් සූර රැජිණ වූ වගයි

සුපිරි ක්‍රිකට් රැජිණටහෙළදිව E News පුවත් සංග්‍රහයේ උණුසුම් සුබ පැතුම්!

ඉකුත් (2023) වසරේ දක්ෂතා පදනම් කර ගනිමින් නම් කරනු ලබන අයිසීසී වසරේ කාන්තා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නායිකාව සේ ප්‍රකාශිත ක්‍රීඩිකාව නම් චමරි අතපත්තු ය. එහි විශේෂත්වය නම් වත්මන් මේ ශ්‍රී ලංකා නායිකාව -  චමරි  එම කණ්ඩායම් දෙකෙහි ම නායකත්වය පුදනු ලැබීම යි.

අපේ චමරි 2023 දි විස්ස යි විස්ස ඉනිම 16 ක දි ලකුණු 470 ක ලබා ගෙන ඇති  අතර අර්ධ ශතක 3 ක් ඊට ඇතුළත් ය. තුන් ඉරියව්වෙන් ම කදිමට දක්ෂතා පෙන්වන ලෝක පූජිත මේ සුපිරි ක්‍රීඩිකාව, චමරි පන්දුවෙන් පෙන්වා ඇති ශිල්ප අතර කඩුළු 8 ක් ද දවා ගැනීමට සමත් ව සිටින්නී ය.

අතපත්තු මුදියන්සෙලාගේ චමරි ජයංගනී ශ්‍රී ලංකා 2020 කණ්ඩායමේ නායිකාව ද වේ. 1990 කුරුණෑගල දී උපත ලද ඇය ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය හා ගොකරැල්ල මහ විදුහලේ ද ආදි සිසුවියි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්  කණ්ඩායමේ නායිකාව වන චමරි ICC වසරේ කාන්තා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට පිදුම ලාංකේය කොයි කාටත් තුටු විය හැකි ආරංචියකි.