සුහුරු කෘෂිකර්මයත්, සුහුරු ධීවර ක්‍රමයක් හා සෑම ආර්ථික ක්‍රමයක් ම සුහුරු ක්‍රියාදාමයක් ඔස්සේ සුහුරු සංවර්ධනයක් ඇති කිරීම අපේ අපේක්ෂාවයි
සමගි ජන බලවේග රජයක් තුළ ස්වර්ණමය සංවර්ධන යුගයක් ආරම්භ කරන බවත් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම කර්මාන්ත පුරයක් සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන බිහි කරන බවත් ඊට අමතර ව කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාව වෙනුවෙන් සුහුරු කෘෂිකර්මයත් ධිවර ජනතාව මූලික කර ගෙන සුහුරු ධීවර ක්‍රමයක් ආරම්භ කරන බවත් මේ ආකාරයට සෑම ආර්ථික ක්‍රමයක් ම සුහුරු ක්‍රියාදාමයක් හා සුහුරු සංවර්ධනයක් ඇති කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජූලි 04) මඩකලපුව පාණ්ඩිරුප්පු පාණ්ඩිරුප්පු එරුවිල් කන්නකි මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 288 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ පුස්තකාලය සඳහා අවශ්‍ය ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනීමට පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය
ජනතාවක් ලෙස බංකොලොත් රට ගොඩගැනීම සඳහා පුළුවන් ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සියලු දෙනාගේම වගකීම බවත් ඒ අනුව සුහුරු පාසලක් ගොඩනැගීම සමගි ජන බලවේගයේ සංකල්පය බවත් රටේ නිදහස් අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක රජයේ පාසල් 10096ම සුහුරු පාසල් බවට දියුණු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සුහුරු අධ්‍යාපනය හරහා සුහුරු පාසල් නිර්මාණය කරන බවත් ඒ තුළින් සුහුරු සිසුවා, සුහුරු තරුණයා, සුහුරු පුරවැසියා, සුහුරු රටක් සහ සුහුරු ගෝලීය පුරවැසියකු නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61 කට රුපියල් ලක්ෂ 1837 ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88 ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292 ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 288 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3156 ක් වැය කර තිබේ.