උණුසුම් පුවත්

අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතා වෙනුවෙන් හෙට (2) දකුණ ම ශෝක දිනයක්!!

ජාතික කොඩි අඩකුඹ කරන්න

කෘතහස්ථ දේශපාලනඥයකු වූ ද ශ්‍රී ලංකාවේ දිගු කලක් අඛණ්ඩව මුදල් ඇමති තනතුර හොබවන ලද්දා වූ ද රොනී ද මැල් මහතා ගේ අභාවය නිමිත්තෙන් හෙට (2) දකුණු පළාත පුරා ශෝක දිනයක් සේ  සැලකේ.

රුහුණු විශ්වවිද්‍යාලය නිර්මාණය කිරීමෙහි ලා පුරෝගාමීත්වය දරන ලද  ද මැල් මහතා ලාංකේය ශිෂ්‍ය පරපුර වෙනුවෙන් කරන ලද අනභිබවනීය මෙහෙයට කෘතගුණ දැක්වීම් වස් මෙසේ හෙට දවස පළාත් ශෝක දිනයක් සේ ප්‍රඛාශයට පත් කරන්නට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා තීරණය කරන ලද බව ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයෙහි සඳහන් ය.

එහි දක්වා ඇත්තේ අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්ුවේ මහජන නියෝජිතයකු සේ වරම් ලද්දේ 1977 එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමෙන් බව යි.

සැබැවින් ම රොනී ද මැල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රවරයකු සේ දෙවිනුවර ආසනයෙන් මහජන නියෝජිතයකු සේ ජනවරම් ලබන්නේ 1970 මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා සේ ඡන්ද 20798 ක් ලබමිනි. යළි 77 මහ මැතිවරණයට හෙතෙම එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට 23776 ක් බලා මන්ර්‍තවරයකු සේ පත් වී එම ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා සේ වසර 11 ක් පුරා අයවැය 11 ක් ඉදිරිපත් කරන ලද බව සඳහන් කළ යුත්තේ ය. මියයන විට 99 වසරක් ද මැල් මහතා ආයුවලඳා තිබුණි.

රොනී ද මැල් මහතා ජන්මලාභය ලබන ලද්දේ 1925 අප්‍රියෙල් 11 වැනි දා යි