පත්කෙරුණූ අමාත්‍යාංශ ලේකම්වරුන් සංඛ්‍යාව 18 කි
අගමැති ලේකම්වරයා සේ ජී.පී සපුතන්ත්‍රී මහතා පත් කරැති අතර මෙහි පහත දැක්වෙන්නේ සෙසු අමාත්‍යාංශවලට ඊයේ පත්කරන ලද ලේකම්වරුන් ය.
අමාත්‍ය මණ්ඩල ලේකම් සේ ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා ද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශයෛ් ලේකම්වරයා සේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා මහතා ද, කේ. එම්. එම් සිරිවර්ධන මහතා යළිත් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට ද පත්වීම් ලබන ලදි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ලේකම් ජේ. එම් තිලකා ජයසුන්දර මහත්මිය
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලේකම් - ඒ. එම්. පී. එම්. බී අතපත්තු මහතා
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය - බී. කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා
ආරක්ෂක අමාත්‍යාංශය - එච්. එස්.එස් තුයියකොන්තා මහතා
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය - ඩී. ඩබ්ලිව්. ආර්. බී සෙනෙවිරත්න මහතා
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය - යූ. ජී රංජිත් ආරියරත්න මහතා
බලශක්ති අමාත්‍යාංශය - මහාචාර්ය කේ.ටී. එම් උදයංග හේමපාල මහතා
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය - එස්. ආලෝක බණ්ඩාර මහතා
කම්කරු අමාත්‍යාංශය - එස්. එම් පියතිස්ස මහතා
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය - ඒ. විමලේන්තිරරාජා මහතා
කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශය - ඩී. පී වික්‍රමසිංහ මහතා
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය - කේ. එම්. ජී. එස්. එන් කලුවැව මහතා
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය - ඒ. එච්. එම්. යූ අරුණ බණ්ඩාර මහතා
හා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා සේ අරුණි රණරාජා මහත්මිය ද පත්වීම් ලබන ලද්දේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ගේ අතිනි.