රජමල්වත්තෙ චාමර හා ඩුබායි නිපුන යන අයවළුන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
වැඩ බලන පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සදහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පො.ප. ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.05 වන දින මෝදර පොලිස් වසමේ අංක 75/51, සන්තියාගෝ මාවත, කොළඹ 15 ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයකු ඩිජිටල් තරාදියක්ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරිමේදි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන රජමල්වත්තෙ චාමර හා ඩුබායි නිපුන යන අයවළුන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය විය.