උණුසුම් පුවත්

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ලෙස රුපියල් 10,000ක මුදලක් ලබා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාරම්මල ප්‍රදේශයේ  පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනො පැමිණිලිකරුගේ නිවසේදී අල්ලස් ලබා ගත් අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිලිකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් නීති විරෝධී මත්පැන්වලට නීතිමය පියවර නොගෙන සිටීමට එම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් එලෙස මුදල් ලබා ගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරම්මල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙක්.