ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගැනීම්

හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ හා හිටපු ධීවර සංස්ථාවේ සභාපති ලලිත් දවුලගල සහ තවත් තිදෙනෙක්

මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම්වරයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

================

2020 දී නිසි ක්‍රියා පටිපාටියකින් තොරව අනවශ්‍ය වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීමෙන් රජයට රුපියල් මිලියන 5.85 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු ධීවර සංස්ථාවේ සභාපති ලලිත් දවුලගල සහ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.