උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

අහසට දමා ගැසු කවි

හෙළදිව සාහිත

අහසට දමාගැසූ කවි - කෙටිකතා සංග්‍රහය

කතෘ - නිලංක ඇලෙක්සැන්ඩර්.

ප්‍රකාශනය -  Minerva

කවි කිවුවාට තියෙන්නෙ කෙටිකතා. පොතක් අතට ගත්තාම මුල පිටුවෙ ඉඳලා අකුරක් නෑර කියවන පුරුද්ද නිසා මාව මුලින්ම නැවතුණෙ පුබුදු ජයගොඩ මහතාගෙ හරවත් ප්‍රවේශ සටහනේ.
ඊට පස්සෙ හැල්මෙ කියවගෙන යද්දි, ඇලෙක්ස්ගෙ පෙරවදනෙ තිබුණ යෝධ අදහසක හැප්පිලා මාව වැටුණෙ පියවි ලෝකෙට. බලන්න, කාව වුණත් පියවි ලෝකෙට ඇදලා දාන්නෙ නැද්ද කියලා ඇලෙක්ස්ගෙ මේ අදහස.

“...... අප වටා තිබෙන සෑම සම්බන්ධතාවයක්ම ද්‍රව්යමය බැඳීමකින් ගැට ගසා තිබෙන අතර එහි උපයෝගීතාවය අහෝසි වූ පසු එය අත්හැර විසිකර දමා යන මේ ධනේෂ්වරය තුළ, ස්ථිරසාර ස්ත්‍රී පුරුෂ සබඳතා යනු හුදෙක් මිත්‍යාවක් ම පමණි. .......“

මුල්ම කතාව, ‘පුරුෂලියාර්ථය‘ ළඟ මං නැවතිලා ඉන්නෙ. ඇත්තටම ඇට්ටේරියා ගහ කාගෙද?

 
පිටවැසුම් සැලසුම චරිත කැලුම් හේවගේ විසින්.

සටහන - ගයනි ගුරුගේ සොහොයුරියගේ මුහුණු පොතෙනි.