ඝාතනයට ලක්වූයේ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ඩුබායි හි සැඟව සිටින 'බබා' ගේ පියා යි
යතුරු පැදියකින් පැමිණි සාහසිකයන් දෙදෙනකු විසින් අහුංගල්ලේ දී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කරැති බව පොලිසිව කියයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා අහුංගල්ලේ බබා නමැති අපරාධකරුවකු ගේ පියා ය. ලෝගන්වත්ත ප්රදේශයේ දී මෙම ඝාතනය සිදුකර සාහසිකයන් පළාගෙස් ඇත. බබා නමැත්තා දැනට ඩුබායි හි සැඟව සිටින ප්රබල අපරාධකරුවකු බව ද පොලිසිය කියයි.
මීට හේතුව සේ පොලිසිය සැකකරන්නේ ඉකුත් වසරේ බක්මහේ 14 වැනිදා සිදුකෙරුණු මිනිස් ඝාතනයකට පලිගැනීමක් ලෙසට යි. වෙඩික්කරුවන් විසින් මියගිය පුද්ගලයාගේ හිසට වෙඩි තැබීමෙන් පබරපතල තුවාල ලද හේ බලපිටිය රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ප්රාණය නිරුද්ධ යැ යි ද පොලිසිය පවසන ලදි.
අහුංගල්ල පොලිසිය විසින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර ඇත.ඒ ඇල්පිටිය පොලිස් අධිකාරී රමිඳු සිල්වා මහතා ගේ උපදෙස් පරිදියි.
