උණුසුම් පුවත්

ආගම දහම අනුව ජන සමාජයේ දියුණුවට කටයුතු කළ යුතු යි

දෙවිනුවර දේවාලයේ ප්‍රධාන වාහල්කඩ අලුත්වැඩියා කිරීමේ උත්සවයේ දී සජිත් කියයි

ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස රටේ ඇති අති උතුම් පූජ්‍යස්ථාන ආරක්ෂා කිරීම වගකීම බවත් පූජාභූමි ආරක්ෂා කිරීම ආගමික සිද්ධස්ථාන රැක ගැනීම රටේ පුරවැසියන් සියලු දෙනාගේම වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

මෙම ව්‍යාපාතිය අද දින විවෘත කළේ විපක්ෂ නායකවරයා ලෙස නොව රටේ සිවිල් පුරවැසියකු ලෙස බවත් ඒ ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් කළ යුතු යුතුකම් සම්භාරය ඉටු කිරීමේ සත්කාරය නිසා බවත් බුදුදහමට අනුව අපගේ ගති පැවතුම් ක්‍රියාකලාපයන් උසස් සාරධර්ම කේන්ද්‍ර කර ගෙන ශිෂ්ටසම්පන්න ජන සමාජයක් තුළ නිහතමානීව සංවරශීලීව කටයුතු කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා ආගම දහම අනුව අපගේ ක්‍රියාකලාප හැඩගස්වමින් ජන සමාජයේ දියුණුව උදෙසා කටයුතු කළ යුතු බව සිහිපත් කළේ ය.

‘සසුණට අරුණ’ වැඩසටහන යටතේ දෙවිනුවර දේවාලයේ ප්‍රධාන වාහල්කඩ අලුත්වැඩියා කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසී ය.

එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණ නිලධාරීන්ගේ සහ බස්නායක නිලමේවරයාගේ අධික්ෂණය යටතේ මේ කටයුතු දිගින් දිගටම ඉටු කිරිමටත් මේ තුළින් ලැබෙන ආලෝකයෙන් රට වැටී ඇති තැනින් ගොඩ ඒමට ආශිර්වාදයක් වන බවත් ටහෙතෙම විශ්වාසය පළ කළේ ය. .

තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් දෙවිනුවර පුදබිම වෙනුවෙන් සුවිශාල සේවාවන් රැසක් ඉටු කළ අයුරුත් එම සේවාවන් තවදුරටත් ඉදිරියට ගෙන යාම තමාගේ අරමුණ බවත් ප්‍රේමදාස මහතා පැවසී ය.

තවද කඹුරුපිටිය ගම් උදාව කේන්ද්‍ර කර ගෙන මෙම විහාරස්ථානය සහ උතුම් පුදබිමට පූජා කළ අක්කර 25 ක වැදගත් භූමිභාගය යම් යම් ආරවුල් නිසා එහි ස්ථාවරත්වය පිළිබඳා ගැටලු පැනනැගී ඇති මොහොතක පාර්ලිමේන්තුව තුළ කරුණු කාරණා ඉදිරිපත් කරමින් මෙහි නිරවුල් භාවය කඩිනමින් ලබා දීමට කටයුතු කරන්නේ යැ යි  ඔහු කීවේ ය.