උණුසුම් පුවත්කාලීන

ආගමන විගමන පාලක ජෙනරාල් හවුරුදු දෙකකට දඟගෙට

තීන්දුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව යි

අතුරු තහනම් නියෝගයක් ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර යැයි එල්ල වූ චෝදනා වට  වරදකරු  කරමින් ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (23) නියම කරන ලදි. 

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව දෙන ලදි.

පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගත් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්, අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු විසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

 එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ  චම්පික රණවක, එම්.ඒ. සුමන්දිරන් සහ රවුෆ් හකීම් යන මහත්වරුන් විසින්  ඉදිරිපත් කරණු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

ඡායාරූපය - දෙරණ අනුග්‍රහයෙනි