සුළු පක්ෂ නියෝජිතයා මෙතෙක් පත් කර නොමැතිවීම ගැටලුවට මුලයි.කථානායක තීන්දුව වැරදි නම් ශ්රේෂ්ඨාධිකරණයට යන්න - .ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ

මහරගම නතර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ප්‍රදේශවාසී ජනතාව මෙම අවස්ථාවට එක් වුහ.මේ රටේ කෘෂි කර්මාන්තය සහ කර්මාන්ත අංශය දියුණු කළ යුතුයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සදහා ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ දිවයින පුරා මාර්ග කිලෝමීටර් 1500 ක් සංවර්ධනය කිරීමේ කටයුතු අද ආරම්භ වෙනවා. ඉදිරියේදී මහරගම මැතිවරණ කොට්ඨාශය තුළ තවත් මාර්ග රැසක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බව ද අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.ලෝකයේ ආර්ථිකය බිද වැටුණු රටවල්වල එය යථා තත්වයට පත්වීමට වසර පහක් හයක් ඊටත් වඩා ගත වුණා. නමුත් වසර එක හමාරක පමණ කාලයක තුළ අපේ රටේ ආර්ථිකය යථා තත්වයට පත් වුණා. අපේ රටේ ආර්ථිකය බිද වැටීමට හේතුව අපි හදුනා ගෙන තිබෙනවා.පසුගිය වසර තුනක කාලය තුළ මේ රටේ සංවර්ධන කටයුතු අඩාල වුණා. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය මේ සදහා හේතු වුණා. එවැනි තත්වයක් යටතේ වර්තමාන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සංවර්ධනය නැවතත් ආරම්භ කළා.මෙම ගැටළලුවට නිසා කථානායකවරයා ප්‍රායෝගික ගැටළලුවකට මුහුණ දී සිටින බවත්, කථානායකවරයාගේ තීන්දුවේ කිසියම් නීතිමය ගැටළලුවක් පවතින බව විශ්වාස කරන්නේ නම් ව්‍යවස්ථාවේ නීතිමට ගැටළලු සදහා ආර්ථ නිරූපණය ලබා ගැනීමට හොදම තැන ශ්‍රේෂ්ඨාධිකරනය බව ද අමාත්‍යවරයා සදහන් කළේ ය.නව පොලිස්පතිවරයා පත් කිරීමේදී කථානායකවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දෙමින් අමාත්‍යතුමා කියා සටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය කරමින් ව්‍යවස්ථාදායක සභාව සදහා සාමාජිකයින් 10 දෙනෙකු පත් කිරීමට කටයුතු කළද සුළු පක්ෂ නියෝජනය කරමින් ඊට පත් කළ යුතු නියෝජිතයා මෙතෙක් නම් කර නොතිබීම මෙම ගැටළුට මුල් වී ඇති බව පෙන්වා දුන්නේය.එහිදී මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද පැවසීය.අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ 2024 වර්ෂයේ මාර්ග කිලෝ මීටර් 1500 ක් ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතිය යටතේ පන්නිපිටිය, දෙපානම, මහවත්ත මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට අද ( 29) පස්වරුවේ එක්වෙමිනි.
