ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන

ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂය (103) වැඩි ඡන්ද 92කින් සංශෝධන සහිතව සම්මතයි

මන්ත්‍රී පොන්නම්බලම් ඡන්දයක් ඉල්ලයි

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අද ප.ව 6.50 ට පමණ සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සදහා

ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 101ක්ද විපක්ෂව

ඡන්ද 09 ක්ද හිමි විය.

අනතුරුව,  පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු

කටයුතු අමාත්‍යාංශය (225) සම්බන්ධයෙන්ද ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර, ඒ සඳහා පැවති ඡන්ද

විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 100ක්ද විපක්ෂව ඡන්ද 02ක්ද හිමි විය.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මත විය.