ඔහු සමාජගත කළ සංකල්ප බොහෝ ය
අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතා ගේ වියෝව කෙරෙහි මහත් සේ කම්පාවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
එම ශෝක පණිවිඩයේ මෙසේ සඳහන් ය.
කෘතහස්ත පරිණත දේශපාලනඥයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා ගේ අභාවය පිළිබඳව සාතිශය සංවේගය පළ කරමි.
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු හිටපු විපක්ෂ නායකවරයකු හා විචක්ෂණශීලී මහජන නියෝජිතයකු ලෙස තැබූ පරිණත සටහන් ඉතා වටී.
දෙමළ ජාතික දේශපාලනයේ කේන්ද්‍රීය හා තීරණාත්මක සාධකයක් වූ ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයකු ලෙසත්, දෙමළ ජනතාවගේ පොදු නායකයකු ලෙසත් නිබඳව සිය කඳවුරේ මතවාදය වෙනුවෙන් ඍජුව පෙනී සිටියේ ය.
පාර්ලිමේන්තු ක්‍රියාදාමය පිළිබඳ ව ඔහුට ඉතා අවබෝධයක් විය. දශක ගණනාවක් ඔහු සමාජ ගත කල සංකල්පයන් බොහෝ ය.
අප අතර කුමන මතවාද තිබුණ ද සහෘද පාර්ලිමේන්තු සගයකු ලෙස වසර ගණනාවක් පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ ආකාරය ගෞරවයෙන් සිහිපත් කරමි.
ඔහුගේ අභාවය හේතුවෙන් සංවේගයට පත් පවුලේ සියලු දෙනා, ඥාතී හිතමිත්‍රාදීන්, සහෝදර ජනතාව හා සහසම්බන්ධිත සැමට සංවේගය පළ කරමි.
අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මොක්සුව පතමි.
යනුවෙන් අගමැතිවරයා සිය ශෝකප්‍රකාශයෙහි දක්වා ඇත