උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

ආසියාවේ කඳුළු විල එළි දකී

එළි දැක්වුණේ සුභද්‍රාරාම විහාරයේ දී

විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙකු වන බටපොල පාලිත ජයසේකරයන් ගේ නවතම නවකතාව 'ආසියාවේ කඳුළු විල' කෘතිය බටපොල සුභද්‍රාරාම විහාරස්ථාන යේ දී ඉකුත් දා ඒළි දැක්විණි.

රුහුණු සාහිත්‍ය කවය මඟින් පවත්වන ලැබූ අත් පිටපත්  තරඟයේ ප්‍රථම  ස්ථානය හිමි කර ගත් විශිෂ්ටතම  නවකතාව  මෙය වේ.

         චිත්‍ර ශිල්පියෙකු, චිත්‍ර කලා අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙකු හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙකු  වශයෙන් සේවය කොට විශ්‍රාම ලැබූ පාලිත ජයසේකර මහතා ගමට  කැකිරි, බක්මහ කමත, ගී හෝඩිය, පිං හාමී සහ වල්ලියා, බණ්ඩිරිප්පුව විහාරයේ බිතුසිතුවම් (සත්සර ඉලංගසිංහ සමඟ)යන කෘතීන්  ද සම්පාදනය  කොට  ඇත .

            මෙම  කෘතියට  පසු වදනක්  සපයන රුහුණු විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමියන් මෙසේ සඳහන්  කර සිටී."  අපේ පාලිත ජයසේකරයන් නිහඬව  දීර්ඝ කාලයක් සිතුවම් සහ සාහිත්‍ය  කලාවේ නියැලුණු කලාකරුවෙකි.දෙස් විදෙස් හි එම නිර්මාණ ඇගයීමට පාත්‍ර විය.අපේ රටේ කීර්තියට පත් සිතුවම් හා මූර්ති  නිර්මාණ රාශියක  නිර්මාණ ශිල්පියා ද වේ.නියෝජ්‍ය  අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙකු වශයෙන් දශක තුනක කාලයක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක  සංවර්ධනය  වෙනුවෙන් තම  අපරිමිත කාලය, ශ්‍රමය  වැයකළ අතර ගුරුවරයෙකු ව සිටි අවධියේ  ආරම්භ  කළ ශාස්ත්‍රීය  සේවාව අකණ්ඩව පවත්වා ගනිමින් විවිධ  විෂයයන්  යටතේ ලියවුණු  කෘතීන්  ගනනාවක් ඔහු අතින්  නිර්මාණය විය ".