උණුසුම් පුවත්

ඇගේ අවසන් කටයුතු හෙට (29) බණ්ඩාරගම දී

ළෙන්ගතු පෙම් කව ලියා, රන්ගිර හැරදා නික්ම යන සෝමාවෝ!

අභාවප්‍රාප්ත සෝමා ජයකොඩි ප්‍රවීන ලේඛිකාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතව තිබේ.

ඇය විවිධ ක්ෂේත්‍රයන්ට අයත් ග්‍රන්ථ 350 කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති අතර අභාවප්‍රාප්ත වනවිට 78 වන වියෙහි පසුවුණි.

සිය නිවහන වූ බණ්ඩාරගම නිවස ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මධ්‍යස්ථානයට ඇය පරිත්‍යාග කර තිබුණු අතර දේහය එම නිවස වෙත ඊයේ රාත්‍රියේදී රැගෙන එනු ලැබී ය.
හෙට දිනයේදී දේහය බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවට අයත් මෛත්‍රී නගරශාලාව වෙත රැගෙන යාමට නියමිතව තිබෙන අතර ඉන් අනතුරුව හෙට(29) පස්වරු 2.30 ට බණ්ඩාරගම ආදාහනාගාරයේදි අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.