උණුසුම් පුවත්කාලීනපරිසරය

ඉදිරි දවස් තුනේ ද වැසි වැටේවි

මුහුදු යෑමෙන් වළකින්න

ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත. එය ඉදිරි පැය 24 තුළ වැඩිදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැ යි අපේක්ෂා කෙර්.

නැවත දැනුම් දෙන තුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ වන විට එම ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටී නම් හෙට (25) පෙර එම ප්‍රදේශවලින් ඉවත් වන්නැ යි කාලගුණ නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 55 – 65 දක්වා වැඩි විය හැකි ය. මුහුද වරින් වර රළු වේ.

කන්කසන්තරේ සිට ත්‍රීකුණාමලය හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර කටයුතුවල නියැලෙන ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරැති නිවේදනයෙහි දැක් වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ සතිය(ඔක්.21 සිට 27 දක්වා) තරමක වැසි සහිත බවක් පැවතිය හැකි මුත් පෙර දිනවල පැවති ඉතා තද වැසි ස්වභාවයේ අඩුවක් දක්නට ඇත.

 ඔක්තෝම්බර් අග සහ නොවැම්බර් මාසවල වැසි අඩු බවක් දැනට පවතින අනාවැකිවල පවතී.

-