ආර්ථිකඋණුසුම් පුවත්සංස්කෘතික

ඉන්දීය කොන්සල්වරයා දකුණේ ආණ්ඩුකාරවරයා බැහැදකී

හර්වින්දර් සිං, බන්දුල හරිස්චන්ද්‍ර ගාල්ලේ දී මෙසේ හමු වූ වගයි

ඉන්දියානු කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මැතිතුමන් අතර හා දකුණු පළාත් අභිනව ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමා අතර හමුවක් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී 2024.10.01 වන දින පැවත්විය. එහිදී කොන්සුල් ජනරාල්තුමන් විසින් නව පත්වීම වෙනුවෙන් ආණ්ඩුකාරතුමන්ට සුභ පැතුම් එක් කරනා ලදී.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති පුළුල් සහයෝගීතාවය පිළිබඳ කොන්සුල් ජනරාල්වරයා හා ආණ්ඩුකාරවරයාත් හට කරුණු පැහැදිලි කරන ලද අතර, දෙරටේ දිගු කාලීන මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කර ගැනීමට අදාළ කරුණු දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එයට අමතරව පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය කරුණු කාරණා සහ ඉන්දීයානු ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.