ආර්ථිකඋණුසුම් පුවත්

ඉන්ධන මිල පහලට

සුපිරි දෙකක් සුපිරියට ම අඩු කරයි. අනිත් ඉන්ධන මිල පවතින ගාණට ම

ලංකා තෙල් සංස්ථාව විසින් අද මැදියම් රැයේ පටන් තෙල් මිල සංශෝධන කර ඇත. 

පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් හයකින් ද සුපිරි ඩීසල් මිල රුපියල් හයකින් ද අඩු කර ඇත.

ඒ අනුව පෙට්‍රල් 95 ලීටරයක් නව මිල ගණන් අනුව රුපියල් 371. 00 කි.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 313. 00 කි.

සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කෙරී නැත 

මෙකී මිල ගණන් අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.