උණුසුම් පුවත්කාලීන

ඊශ්‍රායලයේ රැකියා තාවකාලිකව අත්හිටුවයි

තානාපති කාර්යාල සමඟ සමීප සම්බන්ධතා පවත්වන සේ නියෝජ්‍ය ඇමති දෙරටේ රැඳී සිටින ලාංකීකයන් දැනුවත් කරයි

ඊශ්‍රායලයත් ඉරානයත් අතර පවතින යුද ගැටුම් නිසා ඊශ්‍රායලයේ රැකියාවලට ශ්‍රී ලාංකිකයින් යැවීම තාවකාලිකව අත්හිටුවීමට විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙනැති බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් ආරක්ෂක තත්වය නිසා මේ තීරණයට ගත් බව හේ වැඩි දුරටත් සඳහන් කළේ ය.

ඊශ්‍රායලයේ හා ඉරානයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන්,  එරට තානාපති කාර්යාල සමඟ සමීප සම්බන්ධතා පවත්වන සේ ඔහු අවධාරණයෙන් දන්වා සිටින ලදි.

“අපි අවශ්‍ය ක්ෂණික දුරකථන අංක ලබා දී තිබෙනවා. කිසියම් ගැටලුවක්  ඇත්නම්, අප හා සම්බන්ධ වීමට කිසිදු බාධාවක් නැහැ. අපගේ පුරවැසියන්ගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි,” ඔහු  පැවසීය.