"තරුණ ජීවිත" රැසක් අහිමි වූ රටට "දුෂ්කර සහ ඉතා කණගාටුදායක දිනයක්" - අගමැති Hristijan Mickoski
උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 59 දෙනෙකු මිය ගොස් 155 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.
රටේ ජනප්‍රිය හිප්-හොප් යුගලයක් වන ඩීඑන්කේගේ ප්‍රසංගයකට පුද්ගලයින් 1,500 ක් සහභාගී වෙමින් සිටි ස්කොප්ජේ අගනුවරට නැගෙනහිරින් කිලෝමීටර් 100 ක් (සැතපුම් 60 ක්) ඔබ්බෙන් පිහිටි කොකානි හි පිහිටි පල්ස් සමාජ ශාලාවේ 02:30 (ග්‍රිනිච් වේලාවෙන් 01:30) පමණ ගින්න ඇති විය.
අගමැති Hristijan Mickoski එය හැඳින්වූයේ "තරුණ ජීවිත" රැසක් අහිමි වූ රටට "දුෂ්කර සහ ඉතා කණගාටුදායක දිනයක්" ලෙසිනි.
පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පැන්ස් ටොස්කොව්ස්කි එම ස්ථානයේ දී වැඩි විස්තර ලබා නොදී පැවසීය. ඔහු මීට පෙර පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නිවේදනය කළ අතර රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය Mia පැවසුවේ සමාජ ශාලාවේ හිමිකරු රඳවාගෙන ඇති බවයි.
මුලික වාර්තා උපුටා දක්වමින් ටොස්කොව්ස්කි පැවසුවේ, අධික ලෙස දැවෙනසුළු ද්‍රව්‍ය වලින් සාදන ලද සිවිලිමට වැදී ඇති පයිෙරොටෙක්නික් උපාංගවල ගිනි පුපුර නිසා ගින්න හටගෙන ඇති බවයි.
දර්ශනවල දැක්වෙන්නේ ගිනිදැල් දෙකක් නිවී ගිය විට සංගීත කණ්ඩායම වේදිකාවේ වාදනය කරන ආකාරයයි, පසුව වේගයෙන් පැතිරීමට පෙර ගිනි පුපුර සිවිලිමට ගිනි ගනී.
BBC විසින් සත්‍යාපනය කරන ලද වීඩියෝවෙන් දැක්වෙන්නේ මිනිසුන් සිවිලිමේ ඇති ගිනිදැල් නිවීමට උත්සාහ කරන ආකාරයයි. දර්ශනවලින් පෙනී යන්නේ සමාජ ශාලාව තවමත් පිරී ඇති අතර ඇතැමුන් පිටව යනවාට වඩා ගින්න නිවා දැමීමට ගන්නා උත්සාහයන් දෙස බලා සිටින බවක් පෙනෙන්නට තිබුණි.
රොයිටර්ස් 2025 මාර්තු 16 වන දින උතුරු මැසිඩෝනියාවේ කොකානි නගරයේ ඇති වූ ගින්නකින් පසුව, රාත්‍රී සමාජ ශාලාවකින් පිටත දසුනක්, උතුරු මැසිඩෝනියාවේ, රොයිටර්ස්
DNK සංගීත කණ්ඩායමේ ප්‍රසංගයකට 1500ක් පමණ සහභාගී වී සිටි බව පැවසේ'
⋆⋆⋆⋆⋆ ⋆⋆⋆⋆⋆
මරිජා ටසේවා (20) චැනල් 5 රූපවාහිනියට පැවසුවේ මිනිසුන් පිටවීම් සඳහා වේගයෙන් දිව යද්දී සමාජ ශාලාවේදී ඇය දැඩි පීඩනයකට හසු වූ බවයි. පිටතට යාමට උත්සාහ කරද්දී අවුල් සහගත වෙලාවේ බිම වැටී පෑගුණු බව ඇය සඳහන් කළාය.
" කොහොමද දන්නේ නැහැ මම... නමුත් කොහොම මං පිටතට යාමට සමත් වුණා," ඇය රොයිටර් පුවත් ඒජන්සියට පැවසුවාය.
"මට දැන් සනීපයි, ඒත් මැරිලා ගොඩක් ඉන්නවා."
ඇයගේ පවුලේ අය කලින් සොයමින් සිටි 25 හැවිරිදි සහෝදරිය මිය ගොස් ඇති බව ඇය කීවා ය.
"මම බේරුණා, ඒත් ඇය සිටියේ නැහැ."
රතු කුරුස ස්වේච්ඡා සේවක Mustafa Saidov පැවසුවේ විපතට ලක්වූවන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 18 - 20 අතර තරුණයින් බවයි.
"තත්වය ම්ලේච්ඡයි, අවුල් සහගතයි, සිදුවීම ඉතා ම කණගාටුදායකයි, අවාසනාවන්ත යි. බොහෝ තරුණ ජීවිත අහිමි වෙලා " ඔහු තවදුරටත් පැවසී ය.
මියගිය අයගෙන් 35 දෙනෙකු ඒ වන විට හඳුනාගෙන ඇති බව උතුරු මැසිඩෝනියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ටොස්කොව්ස්කි සඳහන් කළේ ය.
කොකානිගේ රෝහල් අධ්යක්ෂ මීට පෙර කියා සිටියේ හැඳුනුම්පත් නොමැතිකම හේතුවෙන් රෝගීන් හඳුනා ගැනීමට කාර්ය මණ්ඩලය මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බවයි.
මියගිය අය අවුරුදු 14 ත් 24 ත් අතර වයස්වල පසුවන්නන් බව ඇය පැවසුවා ය.රෝගීන් 18 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පැවසේ.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ දින හතක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට රජය සූදානම් වන අතර විශාල රැස්වීම් පැවැත්වීම සඳහා භාවිතා කරන සියලුම රාත්‍රී සමාජශාලා සහ ආපනශාලා හදිසි පරීක්ෂාවන් සිදු කිරීමට ය.
''රජය සම්පූර්ණයෙන්ම බලමුළු ගන්වා අවශ්‍ය සියලු කටයුතු කරනවා. මෙම ඛේදවාචකයේ හේතු තීරණය කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම කරනවා"යි අගමැති මිකොස්කි පැවසුවේ යය
DNK සංගීත කණ්ඩායම අරඹන ලද්දේ 2002 දී ය. පසුගිය දශකය තුළ ඔවුන් ඉහළින්ම සිටීන බව ප්රස්ථාරවලිිින් දැක්වේ
යුරෝපා සංගමය "මෙම දුෂ්කර අවස්ථාවේ උතුරු මැසිඩෝනියාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින" බව යුරෝපීය කොමිසමේ සභාපති Ursula Von Der Leyen ප්‍රකාශ කරමින් යුරෝපීය නායකයින් සිය ශෝකය ප්‍රකාශ කර ඇත.
අසල්වැසි සර්බියානු ජනාධිපති Aleksandar Vucic එය "ඉතා විශාල ඛේදවාචකයක්" මෙය හැඳින්වුයේ ය. "තවත් බොහෝ දෙනෙකුට මේ මොහොතේ ඇති තුවාල වලට ඔරොත්තු දීමට නොහැකි වනු ඇත" යන බිය තවදුරටත් පවතින බව ද ඔහු කීවේ ය.